September, 20, 2019
ශ්‍රී ලංකාවේ වඩාත්ම සාර්ථක සහ විශ්වාසදායී දේපල සංවර්ධන ආයතනය වන ප්‍රයිම් සමුහය කොළඹ සහ ඒ අවට සුවපහසු නාගරික ජීවිතයට කැමති සිය පාරිභෝගිකයන් වෙනුවෙන් වර්ෂ 2014 සිට සුපිරි නිවාස සංකීර්ණ 32 ක් නිම කර දී ඇති බව නිවේදනය කරයි. මේ යටතේ නිම කර ඇති මුළු නිවාස ඒකක සංඛ්‍යාව 1800 කට ආසන්න වන අතර කොළඹ සහ අවට ප්‍රදේශයන් හි 2019 වසරේ පමණක් නිම කර ඇති ව්‍යාපෘති සංඛ්‍යාව 16 ක් වේ. එසේම තවත් ව්‍යාපෘති 14 ක් මේ වන විට නිමවෙමින් පවතින අතර එම නිවාස ඒකක ඉදිරියේදී භාර දීමට නියමිතව ඇත. ප්‍රයිම් සමුහයේ සුඛෝපභෝගී නිවාසයන්හි ඇති අසමසම නිර්මාණශීලිත්වය සහ නව්‍ය ඉංජිනේරු තාක්ෂණය එහි පදිංචිකරුවන්ට හුදෙක් සුඛෝපභෝගී නිවසකට එහා ගිය අත්දැකීම් රැසක් ලබා දෙයි.
තම ආයතනයේ නොකැළැල් කීර්තිය සහ සාර්ථකත්වය පිලිබඳ අදහස් දක්වන ප්‍රයිම් සමුහයේ නියෝජ්‍ය සභාපතිනි සඳමිණි පෙරේරා මහත්මිය,‘‘ සැබෑ ශ්‍රී ලාංකික සමාගමක් ලෙස අප සතු කැපවීම, නිර්මාණයන්හි ඇති ගුණාත්මක බව සහ නිරන්තර වැඩිදියුණු කිරීම් අපගේ සාර්ථකත්වය සඳහා හේතු වී තිබෙනවා. එසේම මෙතුළින් අලංකාරය සහ ගුණාත්මක බව සපිරි සුවපහසු ජීවන අවකාශයක් ලබා දීමටත් අපට හැකියාව ලැබී තියෙනවා. විශේෂයෙන් අඛණ්ඩ වැඩිදියුණු කිරීම් යන්න අපට හුදු වචනයක් පමණක් නොවේ. එය අපගේ නිර්මාණශීලී චින්තනයේ පටන් ප්‍රයිම් සමුහයේ සේවයේ නියුතු සෑම අයකුගේම මනසේ සැමවිටම ක්‍රියාත්මක වෙමින් පවතින පොදු සාධකයක්” යනුවෙන් පැවසීය.
ප්‍රයිම් සමුහය තම ගොඩනගිලි ඉදිකිරීමට අවශ්‍ය සෑම පියවරකදීම සහ යටිතල පහසුකම් ගොඩනැගීමේදී රජයේ නිසි අවසරය ලබා ගනියි. එසේම තම නිර්මාණයන් සඳහා ශ්‍රී ලංකාවේ ඉහළම තලයේ සිටින ගොඩනැගිළි නිර්මාණ කොන්ත්‍රාත්කරුවන්ගේ සේවය ලබා ගන්නා අතර හොඳම තත්ත්වයේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා ඔවුන්ට සැමවිටම උපදෙස් දෙනු ලබයි.
ප්‍රයිම් සුඛෝපභෝගී නිවාස සංකීර්ණ පහසුකම් රැසකින් සමන්විත වන අතර වායුසමීකරණය කරන ලද ශාරීරික සුවතා මධ්‍යස්ථාන, මගී සෝපාන, පිහිනුම් තටාක, හදිසි විදුලි බිඳ වැටීමකදී භාවිතා කෙරෙන විදුලි ජනක යන්ත්‍ර, රූෆ් ටෙරස්, මධ්‍යම ගෑස් පද්ධති, කසළ කළමනාකරණ පද්ධති, කාර්යක්ෂම ගිනි නිවීමේ පද්ධති, නවීන අපද්‍රවය පිරිපහදු යන්ත්‍ර, වාහන ගාල් කිරීමේ පහසුව සහ පැය විසිහතර පුරා ආරක්ෂාව ද මීට ඇතුලත් වේ. මීට අතිරේකව සෑම නිවාස සංකීර්ණයක්ම අලංකාර භූ දර්ශණ සහිත වටපිටාවකින් සමන්විත අතර නවීන පරිසරයක් තුළ ස්වභාවික අලංකරණය භුක්ති විඳීමේ හැකියාව එම නිසා මෙම නිවැසියන්ට ලැබේ.
‘‘අපගේ සෑම ව්‍යාපෘතියක්ම ඉහළම ප්‍රමිතියෙන් නිර්මාණය කිරීමට අප වගබලා ගන්නවා. ඇත්තටම මෙය පදිංචි වීමට වගේම කුලියට දීම සඳහාත් කදිම අනාගත ආයෝජනයක් ලෙස සලකන්න පුළුවන්. අපගේ ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතාව කුමක් වුවත් එය නොපිරිහෙළා ඉටුකිරීම අපගේ වගකීමයි’’යනුවෙන් සඳමිණි පෙරේරා මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.
ප්‍රයිම් රෙසිඩෙන්සීස් හි සියලූම ව්‍යාපෘති නිවාස සහ ඉදිකිරීම් අමාත්‍යංශයේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සහාධිපත්‍ය සහතිකය හිමි ව්‍යාපෘතීන් වේ. සහාධිපත්‍ය අධිකාරියේ වෙබ් අඩවිය වන www.condominium.lk මගින් සහාධිපත්‍ය අනුමැතිය හිමි ව්‍යාපෘති පිලිබඳ සියලූ තොරතුරු ලබා ගත හැකි වේ.
‘‘ මිහිකතෙන් හොඳම තැනක්” යන දැක්ම සමග ක්‍රියාත්මක ප්‍රයිම් රෙසිඩන්සීස් සැමවිටම කොළඹ සහ ඒ ආශ්රිත ප්‍රදේශයන් හි ඉහළම තත්ත්වයේ නිවාස පාරිභෝගිකයන්ට ලබා දෙයි.
ප්‍රයිම් රෙසිඩන්සීස් හි මව් සමාගම වන ප්‍රයිම් ලෑන්ඞ්ස් පුද්ගලික සමාගම මීට වසර 24 කට පෙර ආරම්භ කරන ලද අතර ආයතනික දැක්මට අනුව ක්‍රියාත්මක වෙමින් අද වන විට දේපල සංවර්ධන ක්ෂේත්රයේ ප්රමුඛ ස්ථානයක් ලබා ගැනීමට සමත්ව තිබේ, ශ්‍රී ලංකාවේ සම්මානනීය සමාගමක් වන ප්‍රයිම් ලෑන්ඞ්ස් පසුගිය වසරේ ‘‘ප්‍රොපර්ටි ගුරු” ආසියානු දේපල ව්‍යාපාර සම්මාන උළෙලේදී”‘Best Developer’ යන සම්මානයෙන් පිදුම් ලැබීමට සමත් විය. එසේම ශ්‍රී ලංකාවේ සේවය කළ හැකි හොඳම සමාගම් 25 අතරට අඛණ්ඩව 5 වතාවක් තේරී පත්වීමට ප්‍රයිම් ලෑන්ඞ්ස් සමත් වූ අතර LMD ව්‍යාපාරික සඟරාව මගින් වඩාත් ගෞවරවනීය සමාගම් ලැයිස්තුවට 2016 වසරේ සිට මේ දක්වා අඛණ්ඩව තෙවතාවක් ඇතුලත් කර ඇත.
Video Story