බජාජ් ඉලෙක්ට්‍රිකල්ස් සමාගම ලොව ප්‍රමුඛ පෙළේ ගෘහ විදුලි උපකරණ, විදුලි පංකා සහ විදුලි නිෂ්පාදන ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

    September, 19, 2016

    පාරිභෝගික භාණ්ඩ සහ විදුලි නිපැයුම් සඳහා ඉන්දියාවේ ප්‍රමුඛතම සමාගමක් වන බජාජ් ඉලෙක්ට්‍රිකල්ස් සමාගම විසින් සිය නිෂ්පාදන රැසක් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි. බජාජ් ඉලෙක්ට්‍රිකල්ස් විසින් නිපදවන බජාජ් සිවිලිම් විදුලි පංකා සහ උණුසුම එක්රැස් කර පිටකරන (Exhaust) විදුලි පංකා මෙරට බෙදාහැරීම සඳහා මැක්සන්ස් සමූහ ව්‍යාපාරයට අනුබද්ධිත සමාගමක් වන මැන්ස් ලංකා පුද්ගලික සමාගම පත් කර තිබේ. එමෙන්ම බජාජ් උපකරණ සහ විදුලි නිෂ්පාදන මෙරට බෙදාහැරීම සඳහා ජිනසේන පුද්ගලික සමාගම පත්කර තිබේ.

    බජාජ් ඉලෙක්ට්‍රිකල්ස් පුළුල් පරාසයකින් යුත් විදුලි උපකරණ නිපදවන අතර ඒවා ඉන්දියාව සහ තවත් රටවල් රැසක මිලියන ගණනක් ජනතාවගේ ජන ජීවිතය පහසු කරවීම සඳහා යොදාගනියි. මැන්ස් ලංකා පුද්ගලික සමාගම හා ජිනසේන පුද්ගලික සමාගම හා එක්ව ශ්‍රී ලංකාවේ බජාජ් විදුලි නිෂ්පාදන බෙදාහැරීම එම ක්‍රියාවලියේ නවතම පරිච්ඡේදයක් ලෙස හැඳින්විය හැක.

    බජාජ් විදුලි උපකරණ මෙරට වෙළඳපලට දියත් කිරීමේ අවස්ථාව පසුගියදා පැවති අතර ඒ සඳහා දිවයින පුරා විසිරී සිටින 300 කට අධික බෙදාහැරීම් නියෝජිත ජාලයට ද ඇරයුම් කර තිබුණි. මෙම උත්සව අවස්ථාව ඇමතූ බජාජ් ඉලෙක්ට්‍රිකල්ස් හි උප සභාපති සහ අපනයන ප්‍රධානි ප්‍රදීප් පාටිල් මහතා සඳහන් කළේ පාරිභෝගික භාණ්ඩ අතර ගුණත්වයෙන් උසස් නිෂ්පාදනයක් පමණක් නොව පාරිභෝගික විශ්වාසය දිනු වෙළද නාමයක් ද වන බැවින් බජාජ් ඉලෙක්ට්‍රිකල්ස් නිපැයුම් ඉතා ඉක්මනින් මෙරට ජනතාව අතර ප්‍රචලිත වනු ඇති බවයි. ශ්‍රී ලාංකික පාරිභෝගිකයා සමඟ කටයුතු කර වසර ගණනාවක පළපුරුද්දක් බජාජ් සමාගම සතුවන බවත් එම පළපුරුද්ද සහ සබඳතාව මේ ආකාරයට ජාත්‍යන්තර තත්වයේ නව නිපැයුම් හඳුන්වාදීම තුළින් තවදුරටත් තහවුරු වනු ඇති බව ද හෙතෙම සඳහන් කළේය.