බඩුමිල වැඩිවීමේ වේගය එහෙමමයි

    March, 31, 2014

    2014 මාර්තු මාසයේදී මෙරට උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේදී තිබූ සියයට 4.2 ක ප්‍රමාණයේම නොවෙනස්ව තිබෙන බව නවතම දත්ත මගින් හෙළිවේ.

    ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙන දත්ත වලට අනුව කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට සාමාන්‍ය මිල මට්ටම් වැඩිවීමේ වේගය හෙවත් උද්ධමනය පසුගිය පෙබරවාරි මාසයේදී 2012 පෙබරවාරි මාසයට සාපේක්ෂව සියයට 4.2 ක් විය.

    මේ මාර්තු මාසයේදී ආහාර හා ආහාර නොවන කාණ්ඩයේ මිල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.