බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටේ මගී ධාරිතාව පුළුල් කිරීමට JICA ආධාර

    February, 1, 2016

    බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ මගී ධාරිතාව පුළුල් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක වර්ග මීටර 180,000 කින් යුත් මගී පර්යන්ත ගොඩනැගිල්ලක් ඉදි කිරීමට පියවර ගෙන තිබේ.

    මීට අමතරව එයට අවතීර්ණ වීම සඳහා උස් මට්ටමකින් යුත් මාර්ගයක් ඉදි කිරීම, ඒ සඳහා විදුලිබල, ජල, කැලිකසළ බැහැර කිරීමේ පද්ධති, රථ ගාල්, උප ධාවන පථ සහ අනෙකුත් යටිතල පහසුකම් සැපයීම ඇතුළත් වන බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ II වන අදියරෙහි දෙවන පියවර සඳහා මේ වන විට සැලසුම් සකස් කර තිබේ.

    මේ සඳහා අවශ්‍ය අරමුදල් සලසා ගැනීම පිණිස ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ආයතනය (JICA) සමඟ ණය ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.