July, 3, 2025
ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC), කොළඹ කොටස් හුවමාරුව (CSE) සමඟ සහයෝගයෙන්, බණ්ඩාරවෙල කන්මාර්ක් හෝටලයේදී ආයෝජක සම්මන්ත්‍රණයක් පැවැත්වන ලදි. මෙම සම්මන්ත්‍රණය, ආයෝජක අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම, දැනුවත් තීරණ ගැනීමේ වැදගත්කම ඉස්මතු කිරීම සහ කොටස් වෙළඳපොලේ ඇති අවස්ථා පිළිබඳව මහජන දැනුවත්භාවය ඉහල නැංවීම සඳහා සිදු කරන ලදි...
බණ්ඩාරවෙල කලාපයේ ව්‍යාපාරික ප්‍රජාවට සහ ආයෝජකයින්ට වෙනුවෙන් පවත්වන ලද මෙම සංසදයට 90 කට අධික පිරිසක් සහභාගී වූහ. මෙම අවස්ථාව, පවතින සහ අනාගත ආයෝජකයින්ට ආයෝජනය කිරීම සහ ඔවුන්ගේ මූල්‍ය අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම පිළිබඳ ප්‍රායෝගික අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් සලසා දෙන ලදි.
සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ බාහිර සබඳතා කළමනාකරු නිමල් කුමාරසිංහ මහතා විසින් මෙම වැඩසටහන ආරම්භ කරන ලදී. මෙහිදී ඔහු සංසදය පිළිබඳ දළ විශ්ලේෂණයක් ලබා දුන් අතර, එහි අරමුණ ඉස්මතු කරමින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ කාර්යභාරය සහ ආයෝජක ආරක්ෂාවේ වැදගත්කම පැහැදිලි කළේය.
මෙයින් පසුව, කොළඹ කොටස් හුවමාරුවේ බණ්ඩාරවෙල ශාඛාවේ විධායක නිලධාරී ජීවන් චතුරංග මහතා, විශේෂයෙන් දිගුකාලීන ධනය උත්පාදනය කිරීමේ තත්වයන් තුළ, ප්‍රාග්ධන වෙළෙඳපොළෙහි ආයෝජනය කිරීමේන් ලැබෙන විවිධ ප්‍රතිලාභ පිළිබඳව විස්තර කරමින්, කොළඹ කොටස් වෙළෙඳපොළ පිළිබදව හැදින්වීමක් සිදු කරන ලදි.
ඉන්පසු CSE හි ඩිජිටල් නිෂ්පාදන පිළිබඳ සහකාර කළමනාකාරිනී ශානිකා රාමනායක මහත්මිය, CSE ජංගම යෙදුමේ විශේෂාංග සහ වාසි පිළිබඳ සැසියක් පැවැත්වූ අතර, එමගින් ආයෝජකයින් සඳහා ප්‍රවේශ්‍යතාව සහ පහසුව වැඩි දියුණු කරන ආකාරය පෙන්නුම් කළාය.
බාර්ට්ලීට් රිලිගේයා සෙකියුරිටීස් (පුද්) සමාගමේ පර්යේෂණ විශ්ලේෂක ඉරංග ප්‍රනාන්දු මහතා විසින්, වෙළඳපල තුළ වත්මන් ප්‍රවණතා සහ වර්ධන ක්ෂේත්‍ර පිළිබඳ ඉදිරිපත් කරමින්, කර්මාන්ත අංශවල ක්‍රියාකාරිත්වය සහ වෙළඳපල අවස්ථා පිළිබඳ ගැඹුරු විශ්ලේෂණයක් ඉදිරිපත් කරන ලදී.
ඉන්පසුව, සහභාගිවන්නන් වෙනුවෙන් ගතික හා අන්තර්ක්‍රියාකාරී ඉදිරිපත් කිරීමක් සදහා විද්වත් සාකච්ඡාවක් පැවැත්විණි. එම සාකච්ඡා මණ්ඩලයට නිමල් කුමාරසිංහ මහතා; CSE හි අලෙවිකරණ ජ්‍යෙෂ්ඨ උප සභාපති නිරෝෂන් විජේසුන්දර මහතා සහ ඉරංග ප්‍රනාන්දු මහතා ඇතුළත් විය. CSE හි කමල් ජයවීර මහතා විසින් සාකච්ඡාව මෙහෙයවන ලද අතර, සහභාගිවන්නන්ට ප්‍රශ්න මතු කිරීමට, විශේෂඥයින් සමඟ සෘජුව සම්බන්ධ වීමට සහ සාකච්ඡා කරන ලද මාතෘකා පිළිබඳව තවදුරටත් පැහැදිලි බවක් ලබා ගැනීමට අවස්ථාව ලබා දෙන ලදී.
විධිමත් සැසිවාරයෙන් පසුව, කොටස් තැරැව්කාර සමාගම්වල ආයෝජන උපදේශකයින් සහ ඒකක භාර කළමනාකරණ සමාගම්වල නියෝජිතයින් සමඟ සම්බන්ධ වීමට සහභාගිවන්නන්ට ආරාධනා කරන ලදී. එමඟින් ඔවුන්ට ආයෝජනයට මග පෙන්වීමක් ලබා ගැනීමට හා ආයෝජන කළඹ තවදුරටත් විවිධාගීකරණය කිරීමට අවස්ථාව සලසා දෙන ලදි.
ඡායාරූප විස්තරය - (වමේ සිට දකුණට) නිමල් කුමාරසිංහ මහතා, ඉරංග ප්‍රනාන්දු මහතා, සහ නිරෝෂන් විජේසුන්දර මහතා
Video Story