May, 30, 2014
ඉහළ ණය බරක් තිබෙන ශ්‍රී ලංකාවේ රාජ්‍ය බදු ආදායම අඩුවීම විශේෂ අවධානයක් යොමුකළ යුතු අංශයක් බවත් ලංකාව බදු ආදායම වැඩිකර ගැනීමට කටයුතු කළ යුතු බවටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අවධාරණය කරයි.
ශ්‍රී ලංකාවට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ධූත මණ්ඩල ප්‍රධානී, ටොඩ් ෂ්නයිඩර් මහතා අද කොළඹදී අදහස් දක්වමින් මේ බව පැවසීය.
ඔහු මෙහිදී කියා සිටියේ වඩාත් තාර්කික ලෙස බදු නිදහස් කිරීම් හා බදු විරාම ලබාදෙමින් බදු පදනම පුළුල් කර ගැනීම සඳහා රජය කටයුතු කළ යුතු බවයි.
මුදල් ප්‍රතිපත්තිය
උද්ධමනය අඩු මට්ටමක සහ පෞද්ගලික අංශයේ ණය වර්ධනය මධ්‍යස්ථ වීම හමුවේ පවතින ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය යෝග්‍ය යැයි පැවසූ හෙතෙම සඳහන් කළේ ප්‍රතිපත්ති පොලී අනුපාතවල වෙනස්වීම ණය පොලී අනුපාත අඩුවීමට හේතූ වූ බවයි.
Video Story