July, 8, 2016
දැනට පවතින බදු ක්‍රමය අනුව 80% ක් වක්‍ර බදු ලෙසත් 20% ක් සෘජු බදු ලෙසත් අයකර ගන්නා බවත් මෙම ක්‍රමය මුළුමනින්ම වෙනස් විය යුතු බවත් ලංකා වාණිජ මණඩලයේ ප්‍රධාන අර්ථ ශාස්ත්‍රඥ අනුෂ්ක විජේසිංහ මහතා පැවසීය. වත්මන් ගෝලීය හා දේශීය ආර්ථික ප්‍රවණතාවන් පිළිබඳ විවරණයකට අද දෙරණ සමඟ සුවිශේෂී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විජේසිංහ මහතා කියා සිටියේ බදු අයකිරීමේ දී සෘජු බදු 80% ක් හා වක්‍ර බදු 20% ක් ආකාරයෙන් වෙනස්විය යුතු බවයි.
මේ අතර බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත් විය යුතු බවට එරට ජනතාවගෙන් බහුතරයක් දෙනා තීරණය කිරීමත් සමඟම ඉන් ගෝලීය වශයෙන් සහ ශ්‍රී ලංකා ආර්ථිකයට ඇතිවිය හැකි බලපෑම පිළිබඳව ද ඒ මහතා මෙහිදී අදහස් දැක්වීය. මෙම තත්ත්වය මත ජාත්‍යන්තර වෙළෙඳපොළෙන් ශ්‍රී ලංකාවට ලබා ගත හැකි ණය, ආධාර හා බැඳුම්කර ආයෝජන වැනි විදේශ විනිමය ගලාඒම් සඳහා මින් බලපෑමක් එල්ල විය හැකි බව විජේසිංහ මහතා ගේ අදහසයි.
https://www.youtube.com/watch?v=AWHssACTruw