බදු පරිපාලනය ශක්තිමත් කිරීම අවශ්‍ය වී තිබෙනවා – මුදල් ඇමති කියයි

    November, 20, 2015

    පසුගිය කාලය පුරාවට රටේ ජාතික ආදායම ඉහළ ගිය ද ඊට සමගාමීව ප්‍රමාණවත් පරිදි බදු ආදායම ඉහළ ගොස් නැතැයි මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ඔහු මේ බව සඳහන් කළේ නව රජයේ මංගල අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමිනි.

    මෙහිදී බදුගෙවිය යුතු හා බදු ගෙවිය හැකි බොහෝ පිරිසක් එය මග හරිමින් සිටින බව පැවසූ අමාත්‍යවරයා, මේ තත්ත්වය තුළ බදු පරිපාලනය ශක්තිමත් කරලීමේ අවශ්‍යතාව පැන නැගී ඇති බව කියා සිටියේය.