රටේ සංවර්ධනයට පුද්ගලික ආයෝජන දිරිගැන්විය යුතුයි – මුදල් ඇමති

    November, 20, 2015

    රටක සංවර්ධනයට මූලික වශයෙන් පුද්ගලික ආයෝජන දිරිගැන්විය යුතු බව මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සිය අයවැය කතාව කරමින් මීට සුළු මොහොතකට පෙර අවධාරණය කර සිටියේය.

    2001 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයෙන් 24% ක්ව පැවති පුද්ගලික ආයෝජන මෑතකාලය වන විට 22 % මට්ටමට පහළ බැස ඇති බව පැවසූ අමාත්‍යවරයා, 2005 වසර වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 4% ක්වූ රජයේ ආයෝජන ප්‍රමාණය පසුගිය වසර වන විට 6% දක්වා වැඩි වී ඇතැයි කියා සිටියේය.

    පසුගිය කාලය පුරාවට රාජ්‍ය අංශය විශාල වශයෙන් පුළුල් වීම මත, පුද්ගලික අංශය මෙරට ආර්ථිකයට සිදුකරන දායකත්වය පහළ බැස ඇති බවත්, එවකට පැවති රජය විසින් සිදුකළ විශාල පරිමාණ ආයෝජන ව්‍යාපෘතිවලින් ප්‍රතිලාභ ලබා ගැනීම පිළිබඳ නිසි අවබෝධයක් නොතිබූ බවත් මුදල් අමාත්‍යවරයා මෙහිදී පැවසීය.