බදු වර්ග රැසක සංශෝධන අද සිට ක්‍රියාත්මකයි

    January, 1, 2016

    2016 අයවැය යෝජනා ප්‍රකාරව බදු වර්ග රැසක් අද (2016 ජනවාරි 01) සිට සංශෝධනය වන බව මුදල් අමාත්‍යාංශය කියා සිටී.

    මේ අනුව එකතු කළ අගය මත බද්ද (VAT) සහ ජාතික ගොඩනැගීමේ බද්ද (NBT), ඔට්ටු හා සූදු බද්ද, ඉඩම් (සන්තකය පැවරීම සීමා කිරීමේ) සම්බන්ධයෙන් වන යෝජනා අද දින සිට ක්‍රියාත්මක වනු ඇත.

    මීට අමතරව කොටස් ගනුදෙනු සඳහා මෙතෙක් අය කළ 0.3% බද්ද අද සිට ඉවත් කිරීමට ද පියවර ගැනේ.