බදු වැඩිවීමෙන් උද්ධමනය ඉහළට

    June, 22, 2016

    ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2016 අප්‍රේල් මාසයේ දී වාර්තා කළ 4.3% සිට 2016 මැයි මාසයේ දී 5.3% දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙම වැඩිවීම සඳමා ආහාර නොව කාණ්ඩයේ අයිතමයන් හි මිල ගණන් ඉහළ යාම ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි. රෙදිපිළි හා පාවහන්, නිවාස, ජලය, විදුලිය, ගෑස් හා වෙනත් ඉන්ධන, ගෘහ භාණ්ඩ, ගෘහ උපකරණ හා ගෘහ ඒකක නඩත්තු කටයුතු, සෞඛ්‍ය, සන්නිවේදන, විනෝදාත්මක හා සංස්කෘතික, ආපනශාලා හා හෝටල් සහ විවිධ භාණ්ඩ හා සේවා යන උපකාණ්ඩවල මිල ගනන් මැයි මැසය තුළ දී ඉහළ ගොස් තිබේ.

    මීට අමතරව මෑතකාලීන බදු සංශෝධනයන්හි සෘජු බලපෑම ද ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි මෙම මාසික ඉහළ යාම තුළ නිරීක්ෂණය වී ඇත.