බදු සංකීර්ණතාවකින් ජංගම දුරකතන ගාස්තු ඉහළට

    November, 25, 2016

    පසුගිය නොවැම්බර් මස 01 වන දින සිට වැට් හා ජාතිය ගොඩනැගීමේ බදු යළි අයකර ගැනීමට පියවර ගැනීමත් සමඟම පසු ගෙවුම් ජංගම දුරකතන සඳහා අය කරන ලද මාසික ස්ථාවර ගාස්තුවල (Monthly subscriptions) වැඩි වීමක් සිදුව ඇතැයි වාර්තා වේ.

    මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී ජංගම දුරකතන සේවා සැපයුම් සමාගමක පාරිභෝගික අංශ නිලධාරිනියක කියා සිටියේ ඔක්තෝබර් හා නොවැම්බර් යන මාස දෙකේම දින අන්තර්ගත වන පරිදි සැකසෙන බිල්පත් සඳහා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවයි. නොවැම්බර් මාසයේ සිට බදු අයකිරීමේ සංශෝධන සිදුවීම මීට හේතු වූ බව ඇය වැඩිදුරටත් කියා සිටියාය. මේ අනුව ආකාර දෙකකින් සැකසෙන බදු අයකිරීම් ඔක්තෝබර් හා නොවැම්බර් මාසවලට අදාළ වීම මත මෙලෙස සංකීර්ණත්වයක් උද්ගතව ඇත.

    කෙසේ වෙතත් මීළඟ දෙසැම්බර් මාසයේ බිල්පත සුපුරුදු පරිදි පැරණි ස්ථාවර ගාස්තුව යටතේ නිකුත් කරනු ලබන බව අදාළ සමාගමේ පාරිභෝගික සේවා නිලධාරිනිය පැවසීය.

    පහත දැක්වෙන්නේ කැලන්ඩර් මාස දෙකක දින ඇතුළත් වන පරිදි සැකසුණු පසුගිය මාස 3 ක් ඇතුළත දී නිකුත් කෙරුණු පසුගෙවුම් ජංගම දුරකතන බිල්පත් තුනක ස්ථාවර මාසික ගාස්තුව දැක්වෙන ආකාරයයි. ඒ අනුව සැප්තැම්බර් හා ඔක්තෝබර් මාසවල දී නිකුත් කෙරුණු බිල්පත්වල සඳහන් මාසික ස්ථාවර ගාස්තුවට වඩා නොවැම්බර් මාසයේ දී ප්‍රකාශයට පත්කරන ලද බිල්පතෙහි මාසික ස්ථාවර ගාස්තුව ඉහළ ගොස් ඇති බව නිරීක්ෂණය කළ හැකිය.

    සැප්තැම්බර් බිල්පත

    ඔක්තෝබර් බිල්පත

    නොවැම්බර් බිල්පත