January, 4, 2016
කොළඹ කොටස් වෙළෙඳපොළ සඳහා පනවා තිබූ කොටස් ගනුදෙනු බද්ද (Share Transaction Levy) අහෝසි කිරීමෙන් පසු සිදුකළ පළමු ගිවිසාගත් ගනුදෙනුව (Crossing) මීට සුළු මොහොතට පෙර සිදුවිය.
අද පෙරවරුවේ සිදුවූ මෙම ගනුදෙනුවේ දී සිංගර් ඉන්ඩස්ට්‍රීස් (සිලෝන්) පීඑල්සී හි ප්‍රධානතම කොටස්හිමියා වූ සිංගර් (ශ්‍රී ලංකා) BV සතුව තිබූ 83.55% ක කොටස් හිමිකාරීත්වය විකුණා දමා තිබේ.
මෙහිදී අලෙවි කරන ලද සම්පූර්ණ කොටස් ප්‍රමාණය 3,213,600 කි. ගනුදෙනුව සිදුවූයේ කොටසක් රු. 206 බැගිනි.
මේ අනුව ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රුපියල් මිලියන 662 කි.
2016 අයවැය යෝජනා අනුව කොටස් වෙළෙඳපොළ සඳහා මෙතෙක් පනවා තිබූ කොටස් ගනුදෙනු බද්ද අද සිට අහෝසි කර තිබේ. මීට පෙර 2015 දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක වූ මෙම බදු ක්‍රමය තුළින් එක් ගනුදෙනුවක් සඳහා, ගනුදෙනු වටිනාකමින් 0.3% ක මුදලක් රජයට ගෙවිය යුතුව තිබිණි. මෙහිදී විකුණුම් හා ගැණුම් පාර්ශව දෙකම මෙම බද්දට යටත් විය.
මේ අනුව කොටස් ගනුදෙනු බද්ද අහෝසි කිරීම හේතුවෙන් මෙම ගනුදෙනුව තුළින් පමණක් අද දිනයේ දී රජයට අහිමි වූ බදු ආදායම රු. 3,972,009.60 කි.
සිංගර් ඉන්ඩස්ට්‍රීස් යනු මෙරට ජනප්‍රියම සන්නාමයක් වන සිංගර් මහන මැෂින් නිෂ්පාදනය හා එකලස් කිරීමේ නිරත සමාගමයි.
Video Story