‘බයික් එකට බයික් එකක් ‘ පිරිනමමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඩ් වෙතින් සිය පාරිභෝගිකභවතුන්ට පෙර නොවූ විරූ තෑගි

    October, 28, 2016

    ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඞ් නොබෝදා තවත් ආකර්ෂණීය වෙළෙඳ ප‍්‍රවර්ධන වැඩසටහනක් ‘බයික් එකට බයික් එකක් ’ නමින් දියත් කළේය. මෙම වසරේ ඔක්තෝබර් 12 වැනි දා සිට දෙසැම්බර් 03 වැනි දා දක්වා කාලය තුළ, ප්ලැටිනා, ඩිස්කවර් හෝ පල්සර් යන වර්ග අතරෙන් කවර හෝ වර්ගයක මෝටර් සයිකලයක් මිල දී ගන්නා පාරිභෝගිකයෙකුට, එසේ මිලදී ගැනීම මගින් දිනුම් ඇදීමේ තරගයකට ඇතුළත් විය හැකි අතර, එමගින්, තමන් මිල දී ගත් වර්ගයෙන්ම තවත් මෝටර් සයිකලයක් නොමිලේම දිනා ගන්නට වරම් හිමි වේ.

    මෙම තෑගි දීමනාව සඳහා සතිපතා ප්ලැටිනා 100KS බජාජ් ඩිස්්කවර් 125 Drum හා බජාජ් පල්සර් 135 ඛී යන මෝටර් සයිකල් ඇතුළත් වන අතර, තරගය පැවැත්වෙන කාලය පුරාවට, මෝටර් සයිකල් 24 ක් ඔබට දිනා ගත හැක. සෑම සතියකම ජයග‍්‍රාහකයන් තිදෙනෙක් තෝරා ගැනෙන අතර තරග කොන්දේසි හා විස්්තර, www.dpmco.com යන වෙබ් අඩවියෙන් සහ ඬේවිඞ් පීරිස් මෝටර් සමාගමේ සියලූම ප‍්‍රාදේශීය කාර්යාල හා ඞීලර්වරුන් වෙතින් ලබා ගත හැකියි.

    ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඞ්හි ප‍්‍රධාන අලෙවිකරණ නිලධාරි ශානක ජයවීර මහතා, මෙම දිනුම් ඇ`දීම පිළිබඳ මෙසේ ප‍්‍රකාශ කර සිටියේය. ‘‘අපි මෙම වෙළෙඳ ප‍්‍රවර්ධන වැඩසටහන සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ඉමහත් උනන්දුවකින්. ඇත්ත වශයෙන්ම අප විශ්වාස කරන්නේ මෙවන් සුවිසල් ප‍්‍රමාණයේ මෝටර් සයිකල් වෙළෙඳ ප‍්‍රවර්ධන වැඩසටහනක් මෙයට පෙර ශ‍්‍රී ලංකාවේ දියත් කර නොමැති බවයි. වෙළඳපොළේ අංක එකේ මෝටර් සයිකල් ගෙන්වා බෙදාහරින සමාගම ලෙස අපට වුවමනා කළේ අපගේ පාරිභෝගික භවතුන්ට අති විශිෂ්ට මෝටර් සයිකලයක් හිමිකර ගැනීමට සහ එහි ඇති අපූරු අත්දැකීම විඳගැනීමට අවස්ථාව සලසා දීමයි. අද කාලයේ මෝටර් සයිකලයක් යනු හුදෙක් පහසුව දනවන පිරිමැසුම්දායක ප‍්‍රවාහන ක‍්‍රමවේදයක් පමණක් නොවේ. එය අද, පාරිභෝගිකයාගේ සමාජ තත්ත්වය විදහා දක්වන්නක් ද වෙනවා. අද පාරිභෝගියන් තම පෞද්ගලික අවශ්‍යතාවන්ට අනුව තමන් පැද යන මෝටර් සයිකලය සතුව විවිධ විශේෂාංග, අලංකාර නිමාව වැනි ගුණාංග අපේක්ෂා කරනවා’’

    ඬේවිඞ් පීිරිස් මෝටර් සමාගම, පාරිභෝගිකයන් වෙත, බජාජ් මෝටර් සයිකල් මාලාවක් පිරිනමයි. කෘසර් මෝටර් සයිකල්වල සිට සටී‍්‍රට් මෝටර් සයිකල් දක්වා මෙන්ම විනෝදාත්මක අත්දැකීම් සඳහා හා එදිනෙදා පිරිමැසුම්දායක ගමන් බිමන් සඳහා භාවිතා කෙරෙන මෝටර් සයිකල් ද මෙලෙස වෙළෙඳපොළේ අලෙවියට තිබේ. බජාජ් ශ‍්‍රී ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ප‍්‍රමුඛතම මෝටර් සයිකල් වෙළෙඳ නාමය වන අතර එය සතු බලය, එහි අනර්ඝ ක‍්‍රියාකාරීත්වය, අඩු නඩත්තු පිරිවැය, ඉන්ධන පිරිමැස්ම හා හැඩකාර නිමාවන් සහ සෑම ධාවකයෙකුගේ කැමැත්තට ගැළපෙන ස්වභාවය ද මෙම විශිිෂ්ටත්වයට හේතුවයි.

    පල්සර් පවර් මෝටර් සයිකලය සතු බලය, වේගවත් බව හා එය ධාවකයාට අත් කර දෙන ප‍්‍රමෝදය නිසාම, ස්පෝට්ස් / ප‍්‍රීමියම් ක්ෂේත‍්‍රයේ අසමසම ස්ථානයක් උසුලයි.

    ඩිිස්කවර් මෝටර් සයිකලය එය සතු නාමයෙන් දැක්වෙන අරුතටම හොඳින් ගැලපෙන සේ, ඔබගේ ගමන් මෙ`ගහි නිම් වළලූ පු`ථල් කර ගැන්මට හා ඔබේ විනෝදාස්වාදය හා සංචාර තුළින් ඔබට අපමණ නිදහස් සතුටක් හිමි කර කිරීමට සමත් සුපිරි ගණයේ මෝටර් සයිකල් පෙළකි.

    ප්ලැටිනා මෝටර් සයිකලය එදිනෙදා ප‍්‍රවාහන මාධ්‍යයක් ලෙස පරිහරණයේ දී, ප‍්‍රයෝගික බව අතින් මෙන්ම පිරිමැසුම් දායකබව, වැඩිදියුණු කළ සුව පහසුව මෙන්ම ආරක්ෂාව අතින් ද එම කාණ්ඩයේ මෝටර් බයිසිකල් අතර විශිෂ්ටත්වයක් උසුලයි.

    ඬේවිඞ් පීරිස් මෝටර් කම්පැනි ලිමිටඞ් විසින් ස්ථාපිත රට පුරා පිහිටි ප‍්‍රාදේශීය කාර්යාල 40 ක්, 1500 කට අධික අලෙවි, අමතර කොටස් සහ සේවා ඞීලර්වරුන්ගේ ජාලය සම`ගින් මෙරට බජාජ් මෝටර් සයිකල් හිමියන් වෙත අසමසම සේවාවක් ලබාදීම උදෙසා කැපවී කටයුතු කරයි.