බයිරහා දැවැන්ත ආයෝජනයට සූදානම්

    April, 11, 2014

    කුකුළු මස් නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛතම සමාගමක් වන බයිරහා ෆාම්ස් පීඑල්සී සමාගම ඒකාබද්ධ ආයෝජන ව්‍යාපෘතියක් ලෙස මහා පරිමාණයේ සත්ත්ව ආහාර නිපදවීමේ නවීන කර්මාන්ත ශාලාවක් ගොඩනැගීම සඳහා සූදානම් වේ.

    මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මූලික අනුමැතිය ලැබී තිබෙන අතර  වසර දෙකකින් ව්‍යාපෘතිය නිම කිරීමේ පදනමින් වසර 07 ක බදු සහනයක් ආයෝජන මණ්ඩලය විසින් ප්‍රදානය කර ඇත.

    මෙම ඒකාබද්ධ ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 1.65 ක මුදලක් ආයෝජනය කිරීමට සැලසුම් කර තිබෙන අතර මෙයින් රුපියල් මිලියන 650 ක් කාර්ය ප්‍රාග්ධනය වේ.

    මෙම නව ඒකාබද්ධ ව්‍යාපාරයෙන් සියයට 45 ක කොටස් ප්‍රමාණයක් බයිරහා ෆාම්ස් වෙත හිමිවේ.