බලයෙන් සහ කාර්යක්ෂමතාවයෙන් ඉහළ Huawei Mate 8 අග්නිදිග ආසියානු වෙළෙඳපොළට

    February, 9, 2016

    Huawei විසින් සිය නවතම පෙරළිකාර ස්මාර්ට්ෆෝන් දෙක වන Huawei Mate 8 සහ Huawei GR5 අග්නිදිග ආසියානු වෙළඳපොළට හඳුන්වාදෙයි. මෙම ස්මාර්ට්ෆෝන් වෙළඳපොළට නිකුත් කිරීම පසුගියදා බැංකොක් නුවරදී පැවැත්විණ. මෙම අවස්ථාවට අග්නිදිග ආසියානු කලාපයේ Huawei වෙළඳ පෙළෙහි ශ්‍රී ලංකාව ඇතුළු ප්‍රමුඛ රටවල් 11 කින් ආරාධිත අමුත්තන් 500 කට අධික පිරිසක් සහභගි වුහ.

    Huawei Mate 8 ස්මාර්ට්ෆෝනය Kirin 950 chipset සහිත පළමු ස්මාර්ට්ෆෝනය වන අතර, එහි CPU වෙතින් ලබාදෙන බලය 100% කි. එමෙන්ම GPU හි ශක්‍යතාව 125% කි. ස්මාර්ට්ෆෝනයක් භාවිත කිරීමේදී බෙහෙවින්ම සැලකිය යුතු බැටරි බලය රඳවා තබාගැනීම අතින් ඉහළය. 4xA72 2.3 GHz processors සහ 4xA53 1.8 GHz processors සහිත මෙම ස්මාර්ට්ෆෝනයේ බැටරි බලය දිගුකල් පවත්වා ගැනීම එහි සුවිශේෂි ලක්ෂණයකි.

    Huawei පාරිභෝගික ව්‍යාපාර සමුහයේ අග්නිදිග ආසියානු කළාපයේ සභාපති තෝමස් ලියු මහතා සඳහන් කළේ 2015 වසර තුළදී 70% කට වඩා ආදායම් වර්ධනය කර ගිනිමින් Huawei අලෙවි වාර්තා තබා ඇති බවයි. 2015 වසර තුළදී සිය සමාගමේ ආදායම ඩොලර් බිලියන 20 කට අධික බව ඒ මහතා සඳහන් කරයි.ලොව පුරා රටවල් රැසකට ස්මාරට්ෆෝන් මිලියන 108 ක් මේ වනවිට අපනයනය කර ඇති අතර ලොව ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් වෙළෙඳ නාම තුන අතරට Huawei පැමිණ ඇති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

    විවිධ වු පාරිභෝගික කාණ්ඩ මැනවින් හඳුනා ගනිමින් Huawei සිය සෑම නිෂ්පාදනයක් තුළින්ම ඒ ඒ පාරිභෝගික කාණ්ඩයේ අවශ්‍යතාවට ගැලපෙන හොඳම නිෂ්පාදනය ඉදිරිපත් කර ඇති අතර එමඟින් ලොව කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කල වෙළඳ නාමය බවට පත් ව තිබේ. Huawei Mate 8 දිගු බැටරි ආයු කාලයක් සහිත ස්මාර්ට්ෆෝනය ලෙස වර්තමානයේ කාර්ය බහුල ජීවිතයක් ගත කරන පාරිභෝගිකයින් වෙත ඉදරිපත් කරයි. Huawei GR5 පෙරළිකාර Huawei හි තවත් අනගිතම නිෂ්පාදනයකි. Huawei G series හි නවතම ස්මාර්ට්ෆෝනය ලෙස වෙළඳ පලට එන Huawei GR5 ඇඟිලි සළකුණු මඟින් හඳුනාගැනීමේ පහසුකම සහිත උසස් තත්වයේ කැමරාවකින් යුතු , මනා නිමාවෙන් යුත් තිරයක් සහිත යොවුන් පරපුර වෙනුවෙන් නිපදවු ස්මාර්ට්ෆෝනයකි.

    4000mAh ප්‍රමාණයේ ඉහළ ධාරිතාවයෙන් යුතු බැටරියක් සහිත Huawei Mate 8 සාමාන්‍ය භාවිතයේදී දින දෙකකට වඩා වැඩි කාලයක් බැටරිය රඳාපවත්වා ගනියි. එමෙන්ම මිනිත්තු 30ක් වැනි කෙටි කාලයක් තුළදී බැටරිය යළි ආරෝපණය කර ගත හැකිවීම ද මෙහි ඇති තවත් සුවිශේෂි තත්වයකි. Apple iPhone 6s Plus දුරකථනයට වඩා 105% ක් වේගවත් Huawei Mate 8 සාමාන්‍ය භාවිතයේදී යළි බැටරිය ආරෝපනය නොකර දින 2.36 ක කාලයක් පවත්වාගත හැකිය. එමෙන්ම වැඩි භාවිතයක් සහිත වේ නම් බැටරිය යළි ආරෝපනය නොකර දින 1.65 ක කාලයක් රඳවා ගත හැකිය. Huawei Mate 8 ලේයර් 6ක තර්මල් තාක්ෂණයෙන් යුත් නිසා අනවශ්‍ය ලෙස රත්වීමක් සිදු නොවන අතර දිගු කාලයක් භාවිත කිරීමේ හැකියාව සහිත ස්මාර්ට්ෆෝනයකි.

    අඟල් 6 ප්‍රමාණයේ උසස් තත්වයේ තිරය, මනාව මටසිළුටු ආකාරයට ස්මාර්ට්ෆෝනය හා සවිකර ඇති නිසා තිරයට හානි සිදුවීම අවම වෙයි. සිත්ගන්නා සුළු නිමාව සහ ආරක්ෂාකාරි බව පිළිබඳව සැලකිලිමත් වෙමින් නිපදවා ඇති Huawei Mate 8 සැබවින්ම කාර්ය බහුල ජීවිතයක් ගතකරන්නන් සඳහා උචිත වෙයි.

    Huawei Mate 8 සහ GR5 ස්මාර්ට්ෆෝන් වෙළඳ පල 10ක් වෙත යොමු කෙරෙන අතර , තායිලන්තය, වියට්නාමය, මියන්මාරය, හොංකොං, තායිවාන්, ලාඕස්, කාම්බෝජය,ශ්‍රී ලංකාව, නේපාලය සහ බංග්ලාදේශය එම වෙළඳපල වෙයි. Huaweiහි මෙම නවතම නිෂ්පාදන නුදුරේදීම ශ්‍රී ලංකා වෙළඳ පලට හඳුන්වා දීමට නියමිතව තිබේ.