September, 10, 2024
ශ්‍රී ලංකාවේ ඛනිජතෙල්, ද්‍රවීකෘත පෙට්‍රෝලියම් වායු, ද්‍රවිකෘත ස්වභාවික වායු සහ ලිහිසි තෙල් යන අංශයන් සඳහා නියාමන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස කමිටුවක් පත් කිරීම සඳහා 2024-04-25 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව පත් කරනු ලැබ ඇති කමිටුව විසින් බලශක්ති අංශය සඳහා නව නියාමන ආයතනක් හඳුන්වා දීම පිණිස සිය නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
එකී කමිටු නිර්දේශ ක්‍රියාත්මක කිරීමටත්, ඛනිජතෙල් කර්මාන්තය නියාමනය සඳහා පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදකට උපදෙස් දීමටත් විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.