බස්රථ 2000 ක සවිකළ GPS උපකරණ හාන්සියි. වියදම මිලියන 100 ක්

    October, 20, 2015

    පසුගිය රජය සමයේදී ජාතික ගමනාගමන කොමිසම (NTC) විසින් රුපියල් මිලියන 100 කට වැඩි වියදමින් බස්රථ 2000 ක සවිකර තිබෙන ජී.පී.එස්. (GPS) උපකරණ නඩත්තු කිරීම නතරවීම නිසා මේ වනවිට ඒවා අක්‍රීය වී ඇතැයි අප වෙත අනාවරණය වේ.

    මෙම ජී.පී.එස්. (GPS) උපකරණ නඩත්තු කිරීම සිදුකළ සමාගමට රජය විසින් නඩත්තු කිරීම සඳහා කරන ගෙවීම් නතර කිරීම මෙම තත්ත්වයට හේතුවී ඇත.

    රජය විසින් සඳහන් කර තිබෙන්නේ මෙම ජී.පී.එස්. (GPS) උපකරණ 2000 ක ප්‍රමාණයෙන් 600 ක පමණ අන්තර් ජාල සම්බන්ධතාවය නොමැති නිසා (Offline) මෙම උපකරණ නඩත්තු කිරීම සඳහා මුදල් ගෙවීමට නොහැකි බවයි.

    මෙම උපකරණ සවිකිරීම සඳහා බස්රථ හිමියන්ගෙන්ද මුදල් අයකර තිබෙන අතර ජී.පී.එස්. (GPS) උපකරණ අක්‍රීයවීම නිසා මේවා මගින් බස්හිමියන්ට මේ වනවිට ප්‍රයෝජනයක් නොමැත.