May, 26, 2016
බ්ලූ ඩයමන්ඩ්ස් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි කොටස් ගනුදෙනු අද (26) දිනයේ දී යළිත් වරක් අත්හිටුවනු ලැබීය. ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ අධ්‍යක්ෂ ජනරාල් වජිර විජේගුණවර්ධන මහතා මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ බ්ලූ ඩයමන්ඩ්ස් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී විසින් සිදුකරන ලද හිමිකම් කොටස් නිකුතුවෙන් (Right Issue) ලද අරමුදල් යොදා ගැනීම සම්බන්ධයෙන් ඇතිවී තිබෙන මතභේදකාරීත්වය මීට හේතු වී ඇති බවයි.
මේ බව විමර්ශනය සඳහා බ්ලූ ඩයමන්ඩ්ස් හි ස්වාධීන විගණකවරයෙකු ලෙසින් අර්නස්ට් ඇන්ඩ් යංග් සමාගමේ සේවය තවදුරටත් ලබා ගැනීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම තීරණය කර තිබේ.
මීට පෙර පසුගිය මැයි 13 වන දින ද බ්ලූ ඩයමන්ඩ් සමාගමේ කොටස් ගනුදෙනු අත්හිටුවීමට සුරැකුම්පත් හා විනිමය කොමිසම කටයුතු කරනු ලැබීය. එහි සභාපතිවරයා විසින් සිදුකළ කොටස් ගනුදෙනුවක් මීට හේතුවී තිබිණි. එහිදී වැඩිදුරටත් සඳහන් වූයේ එම ගනුදෙනුව කොටස් වෙළෙඳපොළ නීතිරීතීන් හා ආචාරධර්ම උල්ලංඝනය කර ඇති බවයි.
Video Story