February, 15, 2015
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා ලොව සුප්‍රකට ව්‍යාපාරික මාධ්‍ය ආයතනයක් වන බ්ලූම්බර්ග් සමග ඩොලර් මිලියන 02 ක් වැයවන ප්‍රවර්ධන වැඩසටහනක් කිරීමට ලංකාව සූදානම් බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ සභාපති රොහාන්ත අතුකෝරළ මහතා කියයි.
මෙම ප්‍රවර්ධන වැඩසටහන ක්‍රියාත්මක වන්නේ වසරක කාලයක් සඳහායි. බ්ලූම්බර්ග් රූපවාහිනී නාලිකාව රටවල් 40 කට වැඩි ගණනක විකාශය වන අතර ඒ තුළින් ලොව පුරා නිවාස මිලියන 300 කට වැඩි ගණනක් ආවරණය කරයි.
අතුකෝරළ මහතා පවසන්නේ මෙම ප්‍රවර්ධන වැඩසටහනේ මුල් මාස හයේදී ලංකාවේ නාමය ප්‍රවර්ධනය කිරීම සඳහාද කැපවන බවයි.
Video Story