November, 5, 2014
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමට පූර්ණ අනුබද්ධ බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් ලිමිටඩ් සමාගම විසින් තමන්ට අයත් කොස්ගොඩ පිහිටි තරු පහ පන්තියේ කාමර 172 කින් සමන්විත සුඛෝපභෝගී Sheraton Kosgoda Turtle Beach Resort හෝටලය කළමනාකරණය කිරීම සඳහා ලොව සුපතල Starwood Hotels & Resorts සමාගම සමග ගිවිසුමකට එළඹෙයි.
මෙම ගිවිසුමට අනුව Starwood Hotels & Resorts වෙත කොස්ගොඩ පිහිටි Sheraton Kosgoda Turtle Beach Resort හෝටලයේ කළමනාකරණය පැවරේ.
මෙම හෝටලය විවෘත කිරීමට සැලසුම් කර තිබෙන්නේ ලබන වසරේයි.
බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් ලිමිටඩ් සමාගම මේ වනවිට ඊඩ්න් රිසෝට් ඇන්ඩ් ස්පා, දික්වැල්ල රිසෝට් ඇන්ඩ් ස්පා, දඹුල්ලේ ග්‍රීන් පැරඩයිස් යන හෝටල්වල මෙහෙයුම් කටයුතු කරයි.
මීට අමතරව, සමාගම විසින් බේරුවල, පාසිකුඩා හා මාලදිවයිනේ අළුතෙන් හෝටල් ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.
Starwood Hotels & Resorts සතුව රටවල් 100 ක හෝටල් 1200 ක් පමණ තිබේ. මෙම සමාගමට අයත් හා කළමනාකරණය කරන හෝටල්වල සිටින සේවකයින් ගණන 181,000 කට ආසන්නය.
Video Story