බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස්, සියෙරා කේබල්ස් අයිතිය වැඩිකර ගනී

    September, 13, 2024

    ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ලැයිස්තුගත සමාගමක් වන සියෙරා කේබල්ස් පීඑල්සී හි ප්‍රමුඛ කොටස් හිමිකාරීත්වයේ වෙනසක් සිදුව තිබේ.

    ඒ අනුව සියෙරා කේබල්ස් හි අංක 1 කොටස් හිමියා වන Iconic Trust (Private) Limited, 29.18% ක් වූ සිය කොටස් හිමිකාරීත්වය30.42% ක් දක්වා ඉහළ නංවා ගැනීමට සමත්ව ඇත. ඒ පසුගිය 11 දා සිදුකළ කොටස් මිල දී ගැනීමන් සමඟිනි.

    එම කොටස් හුවමාරුවේ දී සියෙරා කේබල්ස් හි කොටස් 6,654,899 ක් එකක රු. 8.00 බැගින් මිල දී ගැනීමට Iconic Trust (Private) Limited කටයුතු කර තිබුණි. ඒ සඳහා ආයෝජිත මුළු මුදල රු. 53,239,192/- කි.

    මෙම කොටස් මිල දී ගැනීමත් සමඟම සියෙරා කේබල්ස් කොටස් හිමිකාරීත්වයෙහි 30% ක් ඉක්මවා හිමිකම් කියනු ලබන Iconic Trust (Private) Limited විසින්, සමාගමේ සෙසු කොටස් ප්‍රමාණ්‍ය මිල දී ගැනීම වෙනුවෙන් අනිවාර්යය අර්පණයක් සිදුකිරීමට නියමිතය.

    Iconic Trust (Private) Limited යනු බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී හි පූර්ණ අනුබද්ධිත සමාගමකි.

    බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් යනු LOLC සමූහයේ මූලෝපායික ආයෝජන හස්තයයි.

    Construction & Engineering Sector, The Consumer Electronics Sector, The Cables Sector, The Leisure Sector, The Property Development Sector & Fertilizer Sector, සියෙරා කේබල්ස් නිරත ප්‍රධාන ව්‍යාපාර ක්ෂේත්‍රයන් වේ.