September, 9, 2025
බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පීඑල්සී විසින් සිය අනුබද්ධ සමාගමක් වන Browns Ari Resort (Private) Limited විසින් හිමිකාරීත්වය දරනු ලබන මාලදිවයිනේ පිහිටි Barceló Whale Lagoon නිවාඩු නිකේතනය විකිණීමට තීරණය කර තිබේ.
කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දීමක් සිදුකරමින් එහි ලේකම් සමාගම වන LOLC CORPORATE SERVICES (PRIVATE) LIMITED පවසන්නේ ඩොලර් මිලියන 57.5කට මෙම නිවාඩු නිකේතනය ASB Hotel Properties Maldives Private Limited වෙක විකිණීමට තීරණය කර ඇති බවයි.
මෙම ගනුදෙනුව සම්පූර්ණ කිරීම සඳහා අදාළ අධිකාරීන්ගෙන් අනුමැතීන් ලබා ගැනීමට යටත් වන බවත් ගනුදෙනුව අවසන් වූ පසු ඒ පිළිබඳ වැඩිවිස්තර අනාවරණය කරනු ලබන බවටත් බ්රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් වැඩිදුරටත් සඳහන් කරයි.
Video Story