බ්‍රවුන්ස් හයිඩ්‍රො පවර් අයිතිය ලෝටස් පුනර්ජනනීය බලශක්ති සමාගම අත්පත් කරගනී

    July, 13, 2016

    බ්‍රවුන්ස් හයිඩ්‍රො පවර් පීඑල්සී හි 72.13% ක කොටස් අයිතිය මිල දී ගැනීමට Lotus Renewable Energy (Pvt) Ltd විසින් අද (13) දිනයේ දී පියවර ගනු ලැබීය.

    මෙහිදී බ්‍රවුන්ස් හයිඩ්‍රො පවර් සමාගමේ පළමු, දෙවන කොටස්කරුවන් වූ පුස්සැල්ලාව වැවිලි සමාගමට සහ බ්‍රවුන්ස් පවර් හෝල්ඩිංග්ස් (පුද්) සමාගමට අයිති කොටස් 37,044,056 ක් බැගින් සහ සමාගමේ සිව්වන කොටස්කරුවා වූ FLMC ප්ලාන්ටේෂන්ස් (පුද්) සමාගමට අයත් කොටස් 3,625,400 ක් රු. 7.00 බැගින් මිල දී ගැනීමට ලෝටස් රිනිවබල්ස් (පුද්) සමාගම පියවරග ගනු ලැබීය.

    මේ සඳහා ලෝටස් රිනිවබල්ස් (පුද්) සමාගම ආයෝජනය කරනු ලැබූ මුලු මුදල රුපියල් 543,994,584.00 කි.

    Video Story

    Stock Market

    Exchange Rates