October, 17, 2016
බ්රවුන්ස් හයිඩ්රෝ පවර් පීඑල්සී හි සමාගම් නාමය ලෝටස් හයිඩ්රෝ පවර් පීඑල්සී යනුවෙන් වෙනස් වන බව සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත අද (07) දින දැනුම් දී තිබේ.
2016 ජූලි 13 වන දින ලෝටස් රිනිවබල් එනර්ජි (පුද්) සමාගම විසින් බ්රවුන්ස් හයිඩ්රෝ පවර් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගන්නා ලදී.
මෙහිදී සමස්ත කොටස් ප්රාග්ධනයෙන් 72.13% ක් ලෝටස් රිනිවබල් එනර්ජි (පුද්) සමාගම විසින් මිල දී ගනු ලැබූ අතර එහිදී සමාගමේ ප්රමුඛ කොටස්කරුවන් වූ බ්රවුන්ස් පවර් හෝල්ඩිංග්ස් (පුද්) සමාගම හා පුස්සැල්ලාව වැවිලි සමාගම තමන් සතුවූ, බ්රවුන්ස් හයිඩෝ පවර් කොටස් 37,044,056 බැගින් රුපියල් 7.00 බැගින් විකුණනු ලැබීය.