October, 22, 2014
බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් පී.එල්.සී. සමාගමට පූර්ණ අනුබද්ධ බ්‍රවුන්ස් හොටෙල්ස් ඇන්ඩ් රිසෝර්ට්ස් ප්‍රයිවට් ලිමිටඩ් සමාගම මාලදිවයිනේ පිහිටි හෝටලයක් සංවර්ධනය කිරීම සඳහා ගිවිසුමකට එළඹෙයි.
මේ අනුව, Alpha Kinam Holdings (Pvt) Ltd සහ NPH Investment (Pvt) Ltd යන සමාගම් සමග මෙම කළමනාකරණ ගිවිසුම අත්සන් කර තිබෙන අතර මේ යටතේ මෙම හෝටලය තරු 04 පන්තියේ හෝටලයක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය.
මේ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 9.5 ක් පමණ වැයවනු ඇතැයි ගණන් බලා තිබෙන අතර හෝටලය කාමර 150 ක් සහ නිවාස ඒකක 100 කින් සමන්විත ලෙස නවීකරණය කිරීම සැලසුමයි.
මෙය බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ පළමු විදේශීය හෝටල් ආයෝජන ව්‍යාපෘතියයි.
Video Story