බ්‍රැන්ඩික්ස් කම්හලක් ගිනිගනී

    April, 13, 2015

    කටුනායක ආයෝජන සැකසුම් කළාපයේ පිහිටි මෙරට ඇඟලුම් අපනයනයේ දැවැන්තම තනි සමාගම් සමූහය වන බ්‍රැන්ඩික්ස් සමාගමට අයත් කර්මාන්ත ශාලාවක කොටසක් අද පෙරවරුවේදී ගින්නකින් විනාශ වී තිබේ.

    පොලීසිය සඳහන් කරන්නේ මෙම කර්මාන්ත ශාලාව අළුත් අවුරුදු නිවාඩුව නිසා වසාදමා තිබුණු බවත් මෙම ගින්න අනිකුත් කර්මාන්ත ශාලා වලට පැතිර නොයන සේ වලක්වා ගැනීමට සමත්වූ බවයි.

    කර්මාන්ත ශාලාවේ එක් ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන තිබෙන අතර මෙයින් සිදුව තිබෙන හානිය තවමත් ගණනය කර නොමැත.

    ඇමරිකාවේ සහ යුරෝපයේ ප්‍රමුඛතම සන්නාම සඳහා ඇඟලුම් සපයන දැවැන්තයෙකු වන බ්‍රැන්ඩික්ස් සමූහය සතුව මෙරට තිබෙන කර්මාන්ත ශාලා ප්‍රමාණය 31 කි.