බ්‍රැන්ඩික්ස් දෙවන ‘ආදර්ශ ගම්මාන‘ වැඩසටහනෙන් නිවිතිගලට ප්‍රතිලාභ

    January, 13, 2016

    බ්‍රැන්ඩික්ස් සමූහය විසින් ආදර්ශ ගම්මාන යන සංකල්පයෙන් ආරම්භ කර තිඛෙන සමාජ සත්කාරක වැඩසටහන යටතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල ප්‍රදේශයේ පොදු ස්ථාන රැසකට පානීය ජල සැපයුම් සහ සනීපාරක්ෂක පහසුකම් හිමිවී ඇත.

    ඇඟලූම් අපනයනයේ මෙරට විශාලතම තනි අපනයන කරු වන බ්‍රැන්ඩික්ස් සමූහය විසින් නිවිතිගල ප්‍රදේශයේ පාසැල් පහකට, විහාරස්ථාන දෙකකට සහ රෝහලට පානීය ජල සැපයුම් සහ වැසිකිලි පහසුකම් ලබාදුන්නේ මෙම ව්‍යපෘතිය යටතේ සිදුකළ දෙවන වැඩසටහන මගිනි. නිවිතිගල වැඩසටහන තුළින් ළමා සහ වැඩිහිටි 4,700 ක පමණ ප්‍රජාවක් ප්‍රතිලාභ ලබනු ඇත.

    වැවයි දාගැබයි ගමයි පන්සලයි යන පුරාතන සංකල්පයෙන් උද්දීපනය වූ බ්‍රැන්ඩික්ස් zආදර්ශ ගම්මානZ වැඩසටහන යටතේ සමූහයට අයත් කර්මාන්ත ශාලා අවට කිලෝ මීටර් 05 ක වපසරියක ජීවත්වන ජනතාව මුහුණ දෙන පොදු ජල ගැටලූ විසඳීම සඳහා බ්‍රැන්ඩික්ස් කටයුතු කරයි. මෙම වැඩසටහන යටතේ පාසැල්, රෝහල්, ආගමික ස්ථාන, පොලීසි හෝ එවැනි ප්‍රජා ස්ථාන වලට ජල සැපයුම ලබාදීමට හෝ තිඛෙන ජල සැපයුම්වල තත්ත්වයන් වැඩිදියුණු කිරීමට සමූහය ක්‍රියා කරයි.

    බ්‍රැන්ඩික් සමූහය විසින් දියත් කළ පළමු ආදර්ශ ගම්මාන වැඩසටහන මගින් පොලොන්නරුව ප්‍රදේශයේ ප්‍රජාව ප්‍රතිලාභ ලැබීය.

    නිවිතිගල වැඩසටහන මගින් තුත්තිරිපිටිය විදුහල, පාරවත්ත දමිළ විද්‍යාලය, වටාපොත මහා විද්‍යාලය, සුමන කණිටු විදුහල, සුමන මහා විද්‍යාලය, වටාපොත ශ්‍රී සුදර්ශන දහම් විද්‍යාලය, කිරිබත්ගල ශ්‍රී සුචරිත දහම් විද්‍යාලය සහ වතුපිටිය රෝහල වෙත පහසුකම් හිමිවිය. සමස්තයක් ලෙස මෙම වැඩසටහන යටතේ බ්‍රැන්ඩික්ස් විසින් වැසිකිලි 13 ක් සහ නල ලිං ඇතුළු පානීය ජල සැපයුම් පද්ධති නිවිතිගතල වාසීන්ට ලබාදෙන ලදී.

    “මහජන ආයතන සහ ප්‍රජා ස්ථාන වෙත සහයෝගය දැක්වීමේ මෙම ප්‍රවේශය මගින් ප්‍රජාවගේ සාමූහිකත්වය වර්ධනය වී ඒ තුළින් ප්‍රතිලාභ ජනිත වෙනවා“, යනුවෙන් මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් බ්‍රැන්ඩික්ස් සමූහයේ ආයතනික සමාජ වගකීම් අංශයේ ප්‍රධානී, අනූෂා අලස් මහත්මිය පැවසුවාය. “මේ ආකාරයේ වැඩසටහනක් මගින් අපගේ කර්මාන්තශාලා වලට ප්‍රජාව වෙනුවෙන් කටයුතු කර අසල්වැසි ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා වැදගත් දායකත්වයක් සැපයීමට හැකියි.“

    වැඩසටහන ක්‍රියාත්මක වන ප්‍රදේශ වල වැඩිම රැකියා ප්‍රමාණයක් බිහිකිරීමෙන් කැපී පෙනෙන දායකත්වයක් දක්වා තිඛෙන බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා මගින් මෙසේ ලබා දෙන ප්‍රතිලාභ තුළින් මෙම ප්‍රජාවන්ගේ කොටස්කරුවෙකු බවට පත්වී තිබේ. සමූහය විසින් සැලසුම් කර තිඛෙන්නේ මෙම ව්‍යාපෘතියේ දෙවන අදියරේදී බ්‍රැන්ඩික්ස් කර්මාන්ත ශාලා පිහිටි ස්ථානවල සිට කිලෝ මීටර් 10 ක වපසරියක් දක්වා විහිදෙන ප්‍රදේශයන්ට ව්‍යාපෘතිය පුළුල් කිරීමටයි.

    බ්‍රැන්ඩික්ස් සමූහයේ ප්‍රධාන ආයතනික සමාජ වගකීම් වැඩසටහන එහි ආයතනික සමාජ වගකීම් අංශය වන ‘බිංදු පදනම‘ විසින් මෙහෙයවන අතර එහි ප්‍රධාන තේමාව වන්නේ ජලයයි. ජලය සඳහා තිඛෙන අවස්ථාව වැඩි කිරීමට දිගු කාලීන කැපවීම සහ අවශ්‍යතාවයෙන් පෙළෙන අය වෙනුවෙන් සුරක්ෂිත පානීය ජලය සම්පාදනය කිරීම බ්‍රැන්ඩික්ස් සමූහයේ අරමුණයි.


    සේයාරුව 01- පාරවත්ත විද්‍යාලයට ලබාදුන් ජල සැපයුම් පහසුකම


    සේයාරුව 02- වටාපොත මහා විද්‍යාලයට ලබාදුන් ජල සැපයුම් පහසුකම


    සේයාරුව 03- ශ්‍රී සුදර්ශන දහම් විද්‍යාලයට ලබාදුන් ජල සැපයුම් පහසුකම