November, 28, 2015
බ්‍රැන්ඩික්ස් සමූහයේ නව ප්‍රධාන කාර්යාලය විවෘත කර මාස 09 ක් ඉක්මවීමටත් පෙර 2015 ශ්‍රී ලංකා ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන ප්‍රදානයේදී මහා පරිමාණයේ වාණිජ ගොඩනැගිලි කාණ්ඩය යටතේ රන් සම්මානය දිනා ගනිමින් පරිසරය සුරැකීමට සමූහය දක්වන කැපවීම යළිත් තහවුරු කර ඇත.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයේදී බ්‍රැන්ඩික්ස් සමූහ අධ්‍යක්ෂ, ෆෙරෝස් ඕමාර් මහතා සහ බ්‍රැන්ඩික් සමූහයේ ඉංජිනේරු, පරිසර සහ බලශක්ති කළමනාකරණ ප්‍රධානී, ඉරේෂ සෝමරත්න මහතාට මෙම සම්මානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙතින් ප්‍රධානය කරන ලදී. වර්ග අඩි 37,800 කින් සමන්විත තට්ටු 08 ක් වන මෙම බ්‍රැන්ඩික්ස් නව මූලස්ථාන ගොඩනැගිල්ල විසින් පරිසර හිතකාරී සැලසුම් අනුගමනය කරමින් බලශක්ති පරිභෝජනය සැලකිය යුතු ලෙස අඩුකිරීම වෙනුවෙන් මෙම සම්මානය හිමිවිය. මෙම බලශක්ති සංරක්ෂණය සඳහා මෙම ගොඩනැගිල්ල සඳහා යොදාගෙන තිඛෙන අති නවීන බලශක්ති කාර්යක්ෂම තාක්ෂණය සහ බුද්ධිමත් ගොඩනැගිලි කළමනාකරණ පද්ධති හේතුවී තිබේ.
කොළඹ 03 රයින්ලන්ඩ් පෙදෙස සහ මැරයින් ඩ්‍රයිව් මාර්ග වලට මායිම් වන ලෙස ඉදිකර තිබූ සමූහයේ පැවති ප්‍රධාන කාර්යාලය තිබූ පරිශ්‍රයේම නව ප්‍රධාන කාර්යාලයේ ඉදිකිරීම සිදුකර තිඛෙන්නේ තාප පරිවරණය සහ ඉහළ සූර්යාලෝක පරාවර්තන දර්ශකයක් සහිතව වන අතර මේ තුළින් එහි අභ්‍යන්තරයට සීතල ස්වභාවයක් ලබාදීමට සමත්වී තිබේ.
මෙම නව ගොඩනැගිල්ල ප්‍රකට ගෘහ නිර්මාණ ශිල්පී මුරාඩ් ඉස්මයිල් මහතා විසින් සැලසුම් කර නිර්මාණය කළ එකක් වන අතර 200 ක පමණ පිරිසක් සේවයෙහි නිරත වෙයි. මෙම ගොඩනැගිල්ල අඩු කාබන් ප්‍රමාණයක් මුදා හරින ස්මාර්ට් ගොඩනැගිලි සඳහා නව මිණුම් ලකුණක් සපයන අතර ශ්‍රී ලංකාවේ ඇඟලූම් නිෂ්පාදකයින් අතර පරිසර හිතකාමී මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන් චින්තන සහ ක්‍රියාවලී නායකයෙකු ලෙස බ්‍රැන්ඩික්ස් සමූහය වෙත තිඛෙන තත්ත්වය තවදුරටත් තහවුරු කරනු ඇත.
මෙම ගොඩනැගිල්ලේ පිටත සඳහා යොදාගෙන තිඛෙන ඉබේම පිරිසිදු වන ගුණයෙන් යුක්ත සුවිශේෂී වීදුරු තුළින් ගොඩනැගිල්ල තුළ රැඳී සිටින්නන්ට ඉන්දියන් සාගරයේ සහ කොළඹ නගරයේ චමත්කාර දසුනක් නැරඹීමේ අවස්ථාව හිමිවන්නේ බලශක්ති පරිභෝජනය අඩුකර ගන්නා අතරතුරදීයි. කාර්යක්ෂමතාවයෙන් අනූන, ඉහළ තාක්ෂණයෙන් සහ ආරක්ෂාවෙන් යුක්ත මෙම ප්‍රධාන කාර්යාලය ඇඟලූම් අපනයනයේ මෙරට දැවැන්තයා වන බ්‍රැන්ඩික්ස් සමූහයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරීත්වය සඳහා ඉඩ පහසුකම් සලසන අතරම සමූහයේ සියළුම මධ්‍යගත ආයතනික සේවා සඳහා වෙන්වෙයි.
“zබ්‍රැන්ඩික්ස් සමූහය හරිත මෙහෙයුම් කටයුතු ආරම්භ කළේ වසර ගණනාවකට පෙරයි. මේ වනවිට, අපි විසින් කරන සියළුම කටයුතු වලදී පරිසරය ඉතාමත් වැදගත් සාධකයක් ලෙස සලකනවා“, යනුවෙන් මෙම නවතම ඇගයීම පිළිබඳව අදහස් දක්වමින් සමූහ අධ්‍යක්ෂ, ෆෙරෝස් ඕමාර් මහතා පැවසීය. “මේ නිසා, අපි අපගේ මූලස්ථාන ගොඩනැගිල්ල සැලසුම් කර ඉදිකිරීමේදී ඉතාමත් නිවැරදි ප්‍රමිතීන් සහ ක්‍රියා මාර්ග අනුගමනය කළා. ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන ප්‍රදානයේදී මෙම ගොඩනැගිල්ල වෙනුවෙන් රන් සම්මානයක් දිනාගැනීමට හැකිවීම අපට විශාල සතුටක්.“
2015 මාර්තු 01 වනදා විවෘත කරන ලද බ්‍රැන්ඩික්ස් මූලස්ථාන ගොඩනැගිල්ලේ වායු සමීකරණය කර ඇති වපසරිය වර්ග අඩි 29,783 ක් වන නමුත් විදුලිය පරිභෝජනය වර්ග අඩි 1000කට කිලෝවොට් පැය 4¡63 තරම් අඩු ප්‍රමාණයකි. මෙය වාණිජ ගොඩනැගිලි සඳහා නිර්දේශිත විදුලි පරිභෝජනයට වඩා ඛෙහෙවින් අඩු මට්ටමකි.
ඉහළම තාක්ෂණය භාවිතා කරමින් සූර්යා ලෝකය වැඩිපුර ගොඩනැගිල්ල තුළට ලබාගැනීමේ පහසුකම්, ස්මාර්ට් පද්ධතියක් මගින් LED අලෝකකරණය පාලනය කිරීමේ පහසුකම්, ඉහළම බලශක්ති කාර්යක්ෂමතාවයෙන් යුක්ත ජලය ශීත කිරීම මගින් ක්‍රියාත්මක වන වායු සමීකරණ පද්ධතියක් මෙම ගොඩනැගිල්ල තුළ අන්තර්ගත වන අතර මෙය ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන්නේ පළමු වතාවටයි. මෙම ස්මාර්ට් ගොඩනැගිල්ල සඳහා යොදා ඇති අඩුවෙන් විදුලිය භාවිතා වන වායු සමීකරණ පද්ධතිය සහ ආලෝකකරණ පද්ධතිය ගොඩනැගිල්ලේ එක් එක් අංශ වල සිටින පුද්ගලයින් සංඛ්‍යාවල එම ප්‍රදේශ වල උෂ්ණත්වය සහ අවශ්‍ය එළිය අනුව ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වේ.
මෙම ගොඩනැගිල්ල කළමනාකරණය කිරීම සඳහා ප්‍රවේශවීම පාලනය කිරීමේ පද්ධති, ආලෝකකරණ පාලනය කිරීමේ පද්ධති, දුරකථන සම්බන්ධතා පද්ධති, රැස්වීමේ කාමර කළමනාකරණය කිරීමේ පද්ධතියක්, වොෂ්රූම් ෆීඩ්බැක් පද්ධතියක්, වයර්ලස් නෙට්වර්ක් සම්බන්ධතාවය සහ ගිනි නිවීමේ පද්ධතියක් සම්බන්ධ කර ඇත.
පසුගිය වසර දෙකක කාලය තුළදී බ්‍රැන්ඩික්ස් සමූහයේ මෙහෙයුම් කටයුතු ශ්‍රී ලංකාව, ඉන්දියාව, බංග්ලාදේශය තුළ මෙහෙයුම් වලින් පරිසරයට මුදාහරින කාබන් වායු 17.4 කින් අඩුකර ගැනීමටත් පුනර්ජනනීය බලශක්ති පරිභෝජනය 23%කින් වැඩිකර ගැනීමටත්ල බර ඛනිජ තෙල් ලීටර් මිලියන 2.9 ක් ඉතිරි කර ගැනීමටත් වසරක් සඳහා මෙගාවොට් පැය 453 ක සූර්ය බලශක්තියක් භාවිතා කිරීමටත්, ඝන මීටර් 208,719 ක වැසි ජලය එක්රැස් කර ගැනීමටත් ඝන මීටර් 255,604 ක ජලය ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණය කිරීමටත් ඝන අපද්‍රව්‍ය වලින් 49% ක් ප්‍රතිචක්‍රීකරණය කිරීමටත් ඝන අපද්‍රව්‍ය වලින් 96.8% ක් බැහැර කිරීමෙන් වැළකීමටත් කටයුතු කර තිබේ.
ඇමරිකාවේ සහ යුරෝපයේ ප්‍රධාන පෙළේ සන්නාම සඳහා ඇඟලූම් සපයන විශාලතම සමාගම් සමූහයක් වන බ්‍රැන්ඩික්ස් පරිසර හිතකාමී නිෂ්පාදන කටයුතු සහ පරිසර යහ පුරුදු සඳහා කැපවීම වෙනුවෙන් ජාත්‍යන්තර සම්මාන දිනා තිඛෙන අතර ඒ සඳහා මිණුම් ලකුණක්ද වේ. මීට අමතරව, ශ්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සලය (GBCSL) විසින් හරිතකරණය වෙනුවෙන් කැපවූ ශ්‍රී ලාංකේය සංවිධානය ලෙසද බ්‍රැන්ඩික්ස් 2014 වසරේදී ඇගයීමට ලක් කළේය.
බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති 2015 ජාතික බලශක්ති කාර්යක්ෂමතා සම්මාන ප්‍රදාන උත්සවයේදී බ්‍රැන්ඩික්ස් සමූහ අධ්‍යක්ෂ, ෆෙරෝස් ඕමාර් මහතා (දකුණේ) සහ බ්‍රැන්ඩික් සමූහයේ ඉංජිනේරු, පරිසර සහ බලශක්ති කළමනාකරණ ප්‍රධානී, ඉරේෂ සෝමරත්න මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ‘රන් සම්මානය‘ ලබාගත් අවස්ථාව
Video Story