බ්‍රිතාන්‍ය පවුම හමුවේත් ශ්‍රී ලංකා රුපියල පසුබසී

    March, 18, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (18) දින බ්‍රිතාන්‍ය ස්ටර්ලින් පවුමක ගැනුම් මිල රු. 272.31 ක් සහ විකුණුම් මිල රු. 282.24 ක් ලෙසින් වාර්තා විය. ඉතිහාසයේ බ්‍රිතාන්‍ය පවුමක් වෙනුවෙන් වාර්තා වූ ඉහළම රුපියල් වටිනාකම මෙය වේ.

    මේ අතර පසුගිය දින කිහිපය තුළ දී එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී ලංකා රුපියල අඛණ්ඩව අවප්‍රමාණය වන තත්ත්වයක් නිරීක්ෂණය විය. ඒ අනුව අද (18) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 195.30 ක් හා විකුණුම් මිල රු. 201.50 ක් ලෙසින් වාර්තා වුණි. ඩොලරයේ විකුණුම් මිලෙහි ඊයේ (17) දින වාර්තා වූ රු. 201.75ට සාපේක්ෂව සුළු පහළ යාමක් අද දිනයේ දී වාර්තා වේ.

    එමෙන්ම රු. 241.99 ක් වූ යූරෝවක් සඳහා වූ ඉතිහාසයේ ඉහළම විකුණුම් මිල ද අද දින වාර්තා වුණි. යූරෝවක ගැනුම් මිල අද දිනයේ දී දැක්වුණේ රු. 233.12 ක් ලෙසිනි.

    2021 මාර්තු 10 දින දක්වා තෝරාගත් ව්‍යවහාර මුදල් ඒකකවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලෙහි වෙනස්වීම පහතින් දැක්වේ.