බැංකුවලට අවදානම් දර්ශකයක්

    January, 10, 2017

    රට තුළ මූල්‍ය ස්ථායිතාව පවත්වා ගෙන යෑම සහ නියාමන ප්‍රතිසංස්කරණ සමග අනුගතව මහ බැංකුවේ අධීක්ෂණ ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ඇති අවශ්‍යතාව හඳුනාගනිමින් බැංකුවල තිරසාරභාවය පිළිබඳ අවදානම් දර්ශකය මත පදනම්ව බැංකු විමර්ෂන ක්‍රියාදාමය වැඩිදියුනු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගෙන තිබේ.

    ඒ අනුව බැංකුවල තිරසාරභාවය සහ මෙහෙයුම් කාර්යක්ෂමතාවය වැඩිදියුණු කිරීම උදෙසා භාවිතා වන ප්‍රමාණාතාමක සහ ගුණාත්මක දර්ශක මත පදනම්ව දැනට පවත්නා අවදානම් මත පදනම් වූ අධීක්ෂණ රාමුව සංශෝධනය කිරීමට මහ බැංකුව අදහස් කර ඇත.

    මෙහිදී 2017 පළමු කාර්තුව තුළ විශාල පරිමාණයේ බැංකු සඳහා පරීක්ෂණ මට්ටමින් අවදානම් මෙහෙයවීමේ දර්ශකයක් සකස් කරනු ලබන අතර පසුව අනෙකුත් බැංකු කාණ්ඩයන්ගේ අවදානම් මෙහෙයවීම සඳහා ද අදාළ දර්ශකය පුළුල් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.