December, 14, 2015
තම අවශ්‍යතාවය වන්නේ බැංකුවල ආදායම වැඩි කිරීම බවත්, බැංකුවල ආදායම් පහළ වැටෙන ආකාරයේ කිසිදු තීරණයක් ක්‍රියාත්මක නොකරන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද දින පාර්ලිමේන්තුවේ දී කියා සිටියේය.
මෙහිදී වැඩිදුරටත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ, අයවැය යෝජනා සම්බන්ධයෙන් බැංකු සංගම් සමඟ කළ සාකච්ඡාවන්හි දී, උකස් ගැනීමේ සීමාවන් හා ලීසිං කටයුතු බැංකුවලින් ඉවත් කිරීම සුදුසු නොවන බව ඔවුන් කියා සිටි බවත්, තමන් බැංකු සේවක සංගම්වලින් තම බැංකු සභාපතිවරුන් සමඟ සාකච්ඡා කොට පොදු යෝජනාවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටි බවත්ය.
මේ අතර බැංකු ගිණුමෙන් රුපියල් ලක්ෂ 10 ට වඩා වැඩි මුදලක් ගැනීමේ දී 2% ක බද්දක් අය කිරීම ප්‍රායෝගික නොවන බව වෘත්තීය සමිති නියෝජිතයින් පැවසූ බවත්, මේ සම්බන්ධයෙන් මේ වන විට මහ බැංකුවෙන් වාර්තාවක් කැඳවා තිබෙන බවත් පැවසූ අගමැතිවරයා, එම වාර්තාව අනුව සිදුකළ යුතු සංශෝධන කිරීමට තම රජය සූදානම් බව කියා සිටියේය.
මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර සිටියේ බැංකුවල මුදල් ඉතිරි කිරීම් දිරි ගන්වන පියවර මිස අධෛර්යය කරවන පියවර තම රජය විසින් නොගන්නා බවයි.
Video Story