November, 13, 2024
මහ මැතිවරණය පැවැත්වෙන හෙට (14) දිනයේ දී මෙරට වානිජ බැංකු සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සිය ශාඛා, ගනුදෙනුකාර සේවාවන් සඳහා විවෘතව තැබෙන වේලාවන් දැනුම් දී සිටී.
ඒ අනුව බැංකු කිහිපයකම ශාඛා පෙ.ව. 9.00 සිට පෙ.ව. 12.00 දක්වා ත්, තවත් බැංකු කිහිපයක ශාඛා පෙ.ව. 9.00 සිට පෙ.ව. 11.00 දක්වා ත් සහ අනෙකුත් බැංකු 9.00 සිට 10.30 දක්වා ත් ගනුදෙනු කටයුතු සඳහා විවෘතව තැබෙන බව එම බැංකු විසින් නිවේදනය කර ඇත.
එක් එක් බැංකුවල ශාඛාවන් විවෘතව තැබෙන වේලාවන් පහත පරිදි වේ.
ලංකා බැංකුව - පෙරවරු 10.30 දක්වා
මහජන බැංකුව - පෙරවරු 10.30 දක්වා
ජාතික ඉතිරිකිරීමේ බැංකුව - පෙරවරු 10.30 දක්වා
සම්පත් බැංකුව - පෙරවරු 11.00 දක්වා
සෙලාන් බැංකුව - පෙරවරු 11.00 දක්වා
NDB බැංකුව - පෙරවරු - 11.00 දක්වා
DFCC බැංකුව - මධ්‍යහ්න 12.00 දක්වා
නේෂන්ස් ට්‍රස්ට් බැංකුව - මධ්‍යහ්න 12.00 දක්වා







