බැඳුම්කර නිකුතුවෙන් දශ ලක්ෂ විසිදහසක්

    November, 27, 2015

    ශ්‍රී ලංකා මහ බැංකුව අද දින කරන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය හරහා රුපියල් මිලියන 20,594 ක් ලබා ගෙන තිබේ. රුපියල් මිලියන 12,000 ක් එක් රැස් කර ගැනීම සඳහා මෙම වෙන්දේසිය අද පවත්වන ලදී.

    2020 වසරේ දී කල්පිරෙන පරිද්දෙන් රුපියල් මිලියන 1,244 ක, 2026 දී කල් පිරෙන පරිද්දෙන් රුපියල් මිලියන 500 ක හා 2035 වසරේ දී කල් පිරෙන පරිද්දෙන් රුපියල් මිලියන 18,850 ක භාණ්ඩාගාර බැඳුම්කර මෙම වෙන්දේසිය හරහා නිකුත් කර තිබේ.