බැඳුම්කර නිකුතුවෙන් මිලියන 15,555 ක්

    December, 15, 2015

    රුපියල් මිලියන දසදහසක මුදලක් ලබා ගැනීම වෙනුවෙන් අද (15) දින පවත්වන ලද භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියේ දී මිලියන 15,555 ක් රැස්කර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.

    මෙහිදී 2025 වසරේ දී කල්පිරෙන රුපියල් මිලියන 3,000 ක් වටිනා බැඳුම්කර 11% කූපන් අනුපාතිකය යටතේ ද, 2035 වසරේ දී පරිණත වන රුපියල් මිලියන 12,555 ක් වටිනා බැඳුම්කර 11.50% කූපන් අනුපාතිය යටතේ ද ලබා ගෙන ඇත.

    මේ අතර හෙට දිනයේ (දෙසැම්බර් 16) දී රුපියල් මිලියන 20,000 ක මුදලක් ලබා ගැනීම වෙනුවෙන් භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වීමට ද ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.