March, 10, 2015
චෝදනා ඉදිරිපත් වන මහ බැංකුවේ බැඳුම්කර නිකුතුවේදී කිසිසේත්ම වංචාවක් සිදුව නැති බවත් වගකිව යුතු ආණ්ඩුවක් ලෙස මෙම ගනුදෙනුව පිළිබඳව පරීක්ෂණයක් පැවැත්වීම සඳහා රජය විසින් කමිටුවක් පත්කර තිබෙන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා කියයි.
මුදල් අමාත්‍යවරයා අද පෙරවරුවේ මුදල් අමාත්‍යංශයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී මේ බව පැවසූ අතර ඔහු කියා සිටියේ වඩාත් විනිවිද බවකින් මේ වනවිට බැඳුම්කර නිකුත් කරන බවයි.
“මේ අය මේ සම්බන්ධයෙන් අනිසි ප්‍රයෝජනයක් ගන්න හදනවා. ඒකේ කිසිසේත්ම වරදක් වෙලා නෑ. ප්‍රයිවට් ප්ලෙස්මන්ට් තමයි මෙතෙක් තිබුණෙ. ප්‍රයිවට් ප්ලේස්මන්ට් පැත්තකට දාල විනිවිද භාවයකින් කරන්න ගිහිල්ල තියෙන්නෙ.“
“අපි ඒකට කමිටුවක් පත්කරල තිබෙනවා. අනව්‍යශ ලෙස ප්‍රශ්න ඇතිකරන අයට අපි කියන්නෙ පිරිසිදු පාලනයක් එක්ක සෙල්ලං කරන්න එපා කියලයි.“
යනුවෙන් මෙම බැඳුම්කර නිකුතුව සම්බන්ධයෙන් එල්ලවන චෝදනාවන්ට පිළිතුරු දෙමින් අමාත්‍ය රවී කරුණානායක පැවසීය.
Video Story