බැඳුම්කර ලංසු ප්‍රතික්ෂේප වෙයි

    March, 25, 2016

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ (24) දිනයේ දී කැඳවන ලද රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව සඳහා ඉදිරිපත් වූ සියලු ලංසු ප්‍රතික්ෂේප වී තිබේ.

    2020, 2021, 2022 හා 2025 වසරවල දී කල්පිරෙන ආකාරයෙන් මිලියන 5,000 බැගින් වූ භාණ්ඩාගාර බැඳුම්කර ඊයේ දිනයේ දී වෙන්දේසිය සඳහා ඉදිරිපත් කෙරුණු අතර පිළිවෙලින් මිලියන 13,628, මිලියන 17,500, මිලියන 13,520 හා මිලියන 33,150 යනාදී වශයෙන් මේ සඳහා ලංසු ඉදිරිපත්ව තිබිණි.