July, 27, 2022
අද (27) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොලී අනුපාතිකවල පහළ යාමක් වාර්තා වී තිබේ.
මේ අනුව දින 91 කල් පිරීමේ කාණ්ඩය සඳහා බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකය, පසුගිය සතියේ පැවති 31.50% සිට 28.86% ක් පහළ ගොස් ඇත.
මේ අතර දින 182 බිල්පත් පොලිය 29.97% සිට 29.24% ක් දක්වා සහ දින 364 බිල්පත් පොලිය 29.82 සිට 29.53% ක් දක්වා ද පහළ ගොස් තිබේ.
අද දින වෙන්දේසිය රු. මිලියන 85,000 ක වටිනාකමකින් යුතු භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් නිකුත් කර ඇත.
