බිල්පත් පොලී පහළට

    March, 12, 2014

    මේ සතියේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාත පහළ ගොස් තිබේ.

    මේ අනුව, මාස තුනකින් කල්පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය පදනම් අංක 02 කින් පහළ ගොස් සියයට 6.69 ක්වී තිබෙන අතර මාස හයකින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත් පොලිය පදනම් අංක 03 කින් පහළ ගොස් සියයට 6.85 ක්වී ඇත.

    මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසන්නේ අවුරුද්දකින් කල් පිරෙන භාණ්ඩාගාර බිල්පත්වල පොලී අනුපාතය පදනම් අංක 01 කින් පහළ ගොස් සියයට 7.06 ක්වූ බවයි.