February, 10, 2016
අද පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික තවදුරටත් ඉහළ ගොස් තිබේ. මෙහිදී දින 182 - බිල්පත් පොළිය 7.40% සිට 7.57% දක්වා ද, දින 364 බිල්පත් පොළිය 7.87% සිට 7.95% දක්වා ද වැඩි වී ඇත.
මේ අතර දින 182 - රුපියල් මිලියන 23,535 ක හා දින 364 - රුපියල් මිලියන 4,513 ක ලංසු අද දින වෙන්දේසියේ දී අනුමත වී තිබේ.
මේ අනුව නිකුත් කර ඇති භාණ්ඩාගාර බිල්පත්වල මුළු වටිනාකම රුපියල් මිලියන 28,048 කි.
Video Story