December, 22, 2015
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඊයේ දිනයේ (21) දී පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික යළිත් වරක් ඉහළ ගොස් තිබේ. මෙලසින් බිල්පත් පොළිය අඛණ්ඩව ඉහළ ගිය තෙවැනි වෙන්දේසිය මෙයයි.
මෙහිදී දින 91 – 6.28% සිට 6.38% දක්වා ද, දින 182 – 6.54% සිට 6.69% දක්වා ද, දින 364 – 7.01% සිට 7.11% දක්වා ද ඉහළ නැග තිබේ.
රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් මෙම වෙන්දේසියේ දී නිකුත් කිරීමට සැලසුම් කර තිබුණ ද, ලංසු භාර ගෙන තිබුණේ රුපියල් මිලියන 9,985 කට පමණි.
මේ අතර රුපියල් මිලියන 10,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් හෙට (23) දිනයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු යොදා තිබේ.
Video Story