බිල් වෙන්දේසියේ පොළී නගී

    January, 6, 2016

    අද (06) දින පවත්වනු ලැබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පසුගිය සතියට සාපේක්ෂව ඉහළ පොළී අනුපාතිකයන් යටතේ ලංසු භාර ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර තිබේ.

    මෙහිදී පරිණත කාලය දින 91 බිල්පත් පොළිය 6.45% සිට 6.59% දක්වා ද, දින 182 බිල්පත් පොළිය 6.83% සිට 6.93% දක්වා ද, දින 364 බිල්පත් පොළිය 7.3% සිට 7.42% දක්වා ද වැඩි වී ඇත.

    කෙසේ වෙතත් අද දිනයේ වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 18,000 ක භාණ්ඩාගාර බිල්පත් ඉදිරිපත් කර තිබුණ ද, ලංසු භාර ගෙන ඇත්තේ රු. මිලියන 7,024 කට අදාළව පමණි.

    වාණිජ බැංකු සිය පොළී අනුපාතික තීරණ කිරීමේ දී භාණ්ඩාගාර බිල්පත් පොළිය මංසළකුණක් (Benchmark) වශයෙන් යොදා ගන්නා බැවින්, භාණ්ඩාගාර බිල්පත් පොළිය හා බැංකු පොළී අනුපාතික අතර ධනාත්මක සහසම්බන්ධතාවක් තිබෙන බව හඳුනාගත හැකිය.

    Video Story

    Latest News

    Stock Market

    Exchange Rates