බිල් වෙන්දේසියේ පොළී නගී

    February, 3, 2016

    ඊයේ පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී පොළී අනුපාතික යළිත් වරක් ඉහළ ගොස් තිබේ. පසුගිය සතියේ වෙන්දේසියේ දී ලංසු භාර ගැනීම ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ප්‍රත්කේෂප කර තිබුණු අතර මෙවර වෙන්දේසියේ දී ඉදිරිපත් කළ ප්‍රමාණයට වඩා ලංසු අනුමත කෙරී ඇත.

    මෙහිදී 7.01% පොළිය යටතේ දින 91 - රුපියල් මිලියන 16,002 ක්, 7.40% පොළිය යටතේ දින 182 - රුපියල් මිලියන 9,567 ක් සහ 7.87% පොළිය යටතේ දින 364 - රුපියල් මිලියන 3,002 ක් වශයෙන් ලංසු භාර ගෙන තිබේ. මෙහිදී නිකුත් කර තිබෙන සම්පූර්ණ බිල්පත් ප්‍රමාණයේ වටිනාකම රුපියල් මිලියන 28,571 කි.

    මේ අතර රුපියල් මිලියන 10,000 ක භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් සිකුරාදා (05) දිනයේ දී කැඳවා තිබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී.

    Video Story

    Stock Market

    Exchange Rates