March, 9, 2016
අද (09) දින කැඳවන ලද රුපියල් මිලියන 20,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී ලංසු අනුමත නොකිරීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කරන ලදී.
පසුගිය සතියේ පැවති වෙන්දේසියේ දී දින 364 භාණ්ඩාගාර බිල්පත් පොළිය 9% දක්වා ඉහළ ගිය අතර පැවති වාතාවරණය තුළ අද වෙන්දේසියේ දී පොළී අනුපාතික තවදුරටත් වර්ධනය වනු ඇතැයි වෙළෙඳපොළ ආරංචි මාර්ග මීට පෙර සඳහන් කර තිබුණි.
කෙසේ වෙතත් අද දින වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 33,648 ක ලංසු ලැබී තිබිණි.
Video Story