බිලියන 2කට වැඩි ඩොලර් ප්‍රමාණයක් මහ බැංකුව එකතු කළේ මෙහෙමයි

    October, 14, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුව පසුගිය 2024 සැප්තැම්බර් මාසය තුළ, එක්සත් ජනපද ඩොලර් මිලියන 108.5 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙ තුළින් මිල දී ගෙන ඇති බව අනාවරණය කරයි. මේ අතර මහ බැංකුව පවසන්නේ ඩොලර් මිලියන 12.5 ක ප්‍රමාණයක් සැප්තැම්බර් මාසය තුළ දී විකිණීමට ද කටයුතු කර ඇති බවයි. ඒ අනුව පසුගිය 2024 සැප්තැම්බර් මාසය තුළ දී ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 96 ක ප්‍රමාණයක් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත.

    සැප්තැම්බර් මාසයේ දී මහ බැංකුව විසින් සිදුකර ඇති මෙම ඩොලර් මිල දී ගැනීමත් සමගම සමස්තයක් ලෙස 2024 මුල් මාස 09 තුළ දී මහ බැංකුව දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඇති ඩොලර් ප්‍රමාණය, ඩොලර් මිලියන 2,280.9 ක් වන අතර ඩොලර් මිලියන 160.5 ක ප්‍රමාණයක් අදාළ වකවානුව තුළ විකුණා තිබේ.

    ඒ අනුව සමස්තයක් ලෙස ශුද්ධ වශයෙන් ඩොලර් මිලියන 2,120.4 ක් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළෙන් මිල දී ගැනීමට ශ්‍රී ලංකා මහ බැංකුව කටයුතු කර ඇත.