බිලියන 2.6 ක එක්ස්පෝලංකා කොටස් ගනුදෙනුවක් අද

    February, 2, 2016

    අද (02) දින සිදුවූ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් ගනුදෙනුවක් හේතුවෙන් මේ වන විට රුපියල් බිලියන 3 කට ආසන්න දෛනික පිරිවැටුමක් වාර්තා වී තිබේ.

    මෙහිදී එක්ස්පෝලංකා කොටස් 313,816,001 ක් රුපියල් 8.30 බැගින් ගනුදෙනු වී තිබේ. මෙම ගනුදෙනුව හරහා ජනණය වූ පිරිවැටුම රුපියල් බිලියන 2.6 කි.

    මේ සම්බන්ධයෙන් අප කළ විමසීමක දී එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි ආයතනික සන්නිවේදන අංශ ප්‍රධානී පැඩී වීරසේකර මහතා කියා සිටියේ ඒක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි දෙවන විශාලතම කොටස් හිමියා වන ඔස්මාන් කාසිම් මහතා සහ තවත් අයෙතු සතුව තිබූ කොටස් ප්‍රමාණයක් මෙසේ අලෙවි කර ඇති බවයි.

    මෙය මිල දී ගෙන ඇත්තේ එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් හි 51.43% ක කොටස් හිමිකාරීත්වයක් දරන ජපානයේ SG Holdings Global PTE. LTD සමාගමයි.

    මෙම ගනුදෙනුවත් සමඟ SG Holdings Global PTE. LTD සතු එක්ස්පෝලංකා කොටස් හිමිකාරීත්වය 67% ක් දක්වා ඉහළ නගිනු ඇත.

    Video Story

    Stock Market

    Exchange Rates