March, 28, 2014
ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමේ රුපියල් බිලියන 2.8 ක් වටිනා කොටස් අද විදේශීය ආයෝජකයින් විසින් විකුණා දැමීය.
අද වෙළඳ පොළ ගනුදෙනු වලින් සියයට 45 ක් විදේශීය ආයෝජකයින් සිදුකළ අතර සමස්තයක් ලෙස ශුද්ධ විදේශීය විකුණුමක් වාර්තා විය.
මෙහිදී, ජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් සමාගමෙන් රුපියල් බිලියන 2.8 ක ශුද්ධ විදේශීය විකුණුමක්ද, ඉන්දීය තෙල් සමාගමෙන් රුපියල් මිලියනයක ශුද්ධ විදේශීය විකුණුමක්ද වාර්තා විය.
අද ශුද්ධ විදේශීය මිලදීගැනීමක් කොමර්ෂල් බැංකුවෙන් වාර්තා වූ අතර එම ප්රමාණය රුපියල් මිලියන 15 කි.
සති හතකදී වාර්තා වූ ඉහළම වෙළඳ පොළ පිරිවැටුම අද වාර්තා වූ අතර එම ප්රමාණය රුපියල් බිලියන 3.3 ක් වේ.
අද ජනශක්ති රක්ෂණ සමාගමේ රුපියල් මිලියන 189 ක කොටස් අලෙවි වූ අතර සමස්ත මිල දර්ශකය ඒකක 20.45 කින් පහළ ගොස් ඒකක 5,972.17 ක්ද එස් ඇන්ඩ් පී මිල දර්ශකය ඒකක 4.52 කින් ඉහළ ගොස් ඒකක 3,278.67 ක්ද විය.
Video Story