බිලියන 400 ක් අළුතින් ණය ගන්න පාර්ලිමේන්තු අනුමැතිය

    October, 20, 2015

    භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීම මගින් දේශීය වෙළඳ පොළින් රජයට ලබාගත හැකි ණය ප්‍රමාණය තවත් රුපියල් බිලියන 400 කින් ඉහළ නැංවීමේ යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ.

    මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා විසින් ඉදිරිපත් කළ මෙම යෝජනාව සම්මත වීමත් සමග භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබාගත හැකි උපරිම ණය සීමාව වූ රුපියල් බිලියන 850 ක ප්‍රමාණය රුපියල් බිලියන 1250 ක් දක්වා ඉහළ නගී.

    භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් ලබාගන්නා ණය රුපියල් බිලියන 400 කින් වැඩිකර ගැනීම සඳහා මෙම යෝජනාව දින 100 ආණ්ඩුව විසින්ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළද එය පරාජයට පත්විය.

    භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීම මගින් රජය දේශීය වෙළඳ පොළින් ණය ලබාගන්නා අතර මෙම යෝජනාව සම්මත වීමත් සමග රජයට ඉදිරියේදී රුපියල් බිලියන 400 ක ණය දේශීය වෙළඳ පොළින් ලබාගැනීමේ අවස්ථාව හිමිවේ.