බිස්නස් ටුඩේ පළමු තැන ජෝන් කීල්ස් ට

    November, 18, 2015

    බිස්නස් ටුඩේ සඟරාව විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් 25 තේරීමේ සම්මාන රාත්‍රිය ඊයේ පැවැත්විණි. එහිදී පළමු තැන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් විසින් හිමිකර ගත් අතර දෙවන හා තෙවන ස්ථාන පිළිවෙලින් කොමර්ෂල් බැංකුව හා හැටන් නැෂනල් බැංකුව වෙත හිමිවිය.

    මෙම සම්මාන ප්‍රදානයේ සිව්වන ස්ථානය ලංකා දුම්කොළ සමාගමට හිමි වූ අතර ඩිස්ටිලරීස්, ඩයලොග්, ලංකා ඔරික්ස් ලීසිං, බුකිට් ධාරා, ශ්‍රී ලංකා ටෙලිකොම් හා සම්පත් බැංකුව පිළිවෙලින් පස්වන ස්ථානයේ සිට දහවන ස්ථානය දක්වා සිය ස්ථාන තහවුරු කර ගැනීමට සමත්විය.

    එකොළස්වන ස්ථානයේ සිට විසිපස්වන ස්ථානය දක්වා සෙසු ස්ථාන හිමිකර ගැනීමට සමත් වූ සමාගම් පිළිවෙලින් මෙසේය. 11 හේලීස්, 12 එයිට්කන් ස්පෙන්ස්, 12 නෙස්ලේ, 14 වැලිබල් වන්, 15 NDB, 16 DFCC, 17 පීපල්ස් ලීසිං, 18 සෙන්ට්‍රල් ෆිනෑන්ස්, 19 කැල්ටෙක්ස්, 20 සෙලාන්, 21 සෙලින්කෝ, 22 නේෂන්ස් ට්‍රස්ට්, 23 හේමාස්, 24 ඇක්සස් ඉංජිනියරින්ග් සහ 25 ලංකා IOC.

    ඡායාරූපය - ලංකාවේ හොඳම සමාගමට හිමි සම්මානය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි සභාපති සුසන්ත රත්නායක මහතා ලබා ගත් අවස්ථාව