August, 16, 2016
ශ්‍රී ලංකාවේ ලයන් සහ කාල්ස්බර්ග් සන්නාම යටතේ බීර වෙළෙඳාමෙහි නිරත සිලෝන් බෙවරේජ් හෝල්ඩිංග්ස් සමාගම පසුගිය 2016 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා රුපියල් මිලියන 729 ක අලාභයක් වාර්තා කර ඇති බව සිය අතුරු මූල්‍ය වාර්තා කොළඹ කොටස වෙළෙඳපොළ වෙත නිකුත් කරමින් කියා සිටී.
මෙය පසුගිය වර්ෂයේ අදාළ කාලපරිච්ඡේදය හා සැසඳීමේ දී 224% ක පහළ යාමකි. මෙම කාර්තුව තුළ දී සමාගමේ ආදායම රුපියල් බිලියන 9.25 සිට බිලියන 5.93 දක්වා 36% කින් පහළ ගොස් ඇත.
මීට ප්‍රධාන වශනේ හේතු වී ඇත්තේ පසුගිය මැයි මාසයේ දී ශ්‍රී ලංකාට බලපෑ ගංවතුර ව්‍යසනයට මුහුණ පෑමට මෙම සමාගමට සිදුවීමයි. මේ හේතුවෙන් සමාගමේ බියගම පිහිටි කර්මාන්ත ශාලාව මුළුමනින්ම ගංවතුර තර්ජනයට මුහුණ පෑ අතර මේ හේතුවෙන් සමාගමේ නිෂ්පාදන කටයුතු මෙතෙක් ආරම්භ වී නොමැත.